සති කීපයක් ගෙවිලා ගිහින් අද තමයි ජන්ග්කුක්ගේ උපන්දිනය. ඒ වගේම එයාලා අද උදේ විවාහ ගිවිස ගත්තා. ඒ වගේම නම්ජින් දෙන්නත්.
අද එයාලගෙ ගෙදරට එයාලගෙ සමීපතමයො ඇවිත් හිටියා. ටේහ්‍යුන්ගේ යුනි එකේ යාලුවො දෙන්නා හෝසොක්, ජිමින් වගේම හෝසොක්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇමීත් ඇවිත් හිටියා. ඒ වගේම වන ජීවී එකේ යූරිගෙ යාළුවො ආවේ ඔක්කොටම වඩා ජන්ග්කුක්ගේ ආරක්ෂාවට.
ජන්ග්කුක් මුලින් එයාලව මුන ගැහෙන්න පැකිළුනත්, ඊටපස්සෙ එයා එයාලා එක්කත් සාමාන්‍ය විදිහට හිටියා. වැඩි වෙලා යන්න කලින් ජන්ග්කුක්ගේ හුරතල් කම නිසා එයාලත් ජන්ග්කුක්ට වශී වෙලා හිටියා.
ජන්ග්කුක් හිටියේ ලොකු උද්‍යෝගයකින්. අද උදේ ඒ දෙන්නා විවාහ ගිවිස ගත්දී මුදු මාරු කරගන්න තැන තව පොඩ්ඩෙන් එයා කෑගහලා උඩ පනින්න ලෑස්ති වෙනවා. ඒත් මාස පහයි සති දෙකක් වුනු එයාගෙ විශාල උදරය එක්ක එයාට ඒක කරන්න බැරි වුනා.
උදේ ඉඳන් යූරි එක්ක ලහි ලහියේ වැඩ කරමින් හැමෝටම කෑම පිළිගන්වමින් ජන්ග්කුක් හිටියා. ටේහ්‍යුන් මුලින් ඒකට විරුද්ධ වුනත් අද වගේ උද්‍යෝගිමත් දවසක ජන්ග්කුක්ට කැමති දෙයක් කරගන්න එයා ඉඩ දුන්නා.
ටේහ්‍යුන් යටි තොල හපාගෙන එහෙ මෙහෙ වේගෙන් ඇවිදින ජන්ග්කුක් දිහා බලන් හිටියා. Pregnancy එක නිසා ජන්ග්කුක් ටිකක් මහත් වෙලා ලස්සන වෙලා හිටියා. එයාගෙ පිරුනු කම්මුල්, එයාගෙ ලොකු ශර්ට් එක අතරින් ඉදිරියට නෙරා පේන කියුට් baby bump එක වගේම සුදු කොණ්ඩෙත් එක්ක ටේහ්‍යුන්ට ජන්ග්කුක්ව පෙනුනේ හරියට මාස්මෙලෝ එකක් වගේ.
"ආයිශ් කන්න හිතෙනවා." ටේහ්‍යුන්ට ඒක ටිකක් හයියෙන් කියවුනාම එයාගෙ දෙපැත්තෙ මල් කඩමින් හිටපු යුන්මින් දෙන්නයි ඇමීහෝසොක් දෙන්නයි එයා දිහා පුදුමයෙන් බැලුවා.
"මොනවද?" ජිමින් ඇහුවා.
"අ-අහ් මාස්මෙලෝ." ටේහ්‍යුන් කිව්වේ එයාගෙන් වුනු වැරැද්ද වහමින්.
"ඉතින් ගිහින් කනවකො අපිට ඩිස්ටර්බ් කරන්නැතුව." හෝසොක් කිව්වා.
"පුහ්!"
ඇස් දෙක රෝල් කරපු ටේහ්‍යුන් එතනින් නැගිටලා ගියා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫