28

2.5K 378 174
                                    

යූරිගේ ඇමතුම ලැබුනට පස්සෙ යුන්ගි පුලුවන් තරම් ඉක්මනට ගෙදර ගියා.

"යූරි ඔම්මා? මොකද උනේ?" යුන්ගි ඇහුවේ ගෙදරට ඇතුලු වුනු හැටියෙමයි. සෝෆා එකේ වාඩි වෙලා හිටපු යූරි නැගිටලා එයා ගාවට ආවා.

"ම්-මං දන්නෙ නෑ පුතා. එයා අද හරි අමුතුයි." යූරි කිව්වා.

"කොහෙද එයා දැන්?" යුන්ගි ඇහුවම යූරි එයාගෙ පස්සෙන් එන්න කියලා යුන්ගිට හිසින් සන් කලා. ඊටපස්සෙ එයා ගියේ ටේහ්‍යුන්ගේ කාමරයට.

"ඔය බලන්න." යූරි කිව්වේ කාමරේ දොර අරිමින්.

ටේහ්‍යුන්ගේ විශාල ඇඳ උඩ මැද ගුලි වෙලා නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව දැක්ක යුන්ගිගෙ ඇස් උඩ ගියා. එයා ශොක් වුනේ ඒකට නෙමෙයි. ටේහ්‍යුන්ගේ ක්ලොසට් එකේ තිබුනු සේරම ඇඳුම් පිළිවෙලට එකපිට එක ගහලා ලස්සනට එයාගෙ වටේ රවුමකට හදලා තිබුනා. ඒ මැද තමයි ජන්ග්කුක් හා පැටියෙක් වගේ ගුලි වෙලා නිදාගෙන හිටියේ.

"ඔහ් මයි ගෝඩ්." යුන්ගිට කියවුනා.

"ඔයා දන්නවද? මං එයාව ඇහැරවන්න ගිහාම එයා මට ගෙරෙව්වා." යූරි කිව්වේ එයාගෙ පපුවට අතකුත් තියන්.

"ඔයාට එහෙම නොකර ඉන්න තිබුනා ඔම්මා. මං හිතන්නෙ එයා nesting." යුන්ගි කිව්වම යූරි නළල රැලි කරගත්තා.

"Nest මොකක් කිව්වා?" යූරි ඇහුවා.

"එන්න අපි මෙතනින් යමු. එයාට ඩිස්ටර්බ් කරන්න හොඳ නෑ." කිව්ව යුන්ගි යුරිවත් එක්කන් එළියට ගිහින් හිමින් දොර වැහුවා. කාමරෙන් එළියට ආපු හැටියෙම යුන්ගි අතින් කට වහගෙන හිනා වුනේ කිසිම සද්දයක් පිට නොවෙන්න.

"ඔහ් මයි ගෝඩ් එහෙනම් අන්තිමේදි ඒක සිද්ද වෙනවා." යුන්ගි තමන්ටම එහෙම කියාගෙන විසිත්ත කාමරේට ගිහාම යූරිත් එයාගෙ පස්සෙන් ගියේ සිද්ද වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව.

"මට සිද්ද වෙන දේ පැහැදිලි කරනවද පොඩ්ඩක්?" යූරි ඇහුවේ යුන්ගි එක්ක සෝෆා එකෙන් වාඩි වෙමින්.

"එයා nesting වෙනවා." යුන්ගි මේ වතාවේ කිව්වේ එයාගෙ සතුට පාලනය කරගනිමින්.

"ඉන්න මං පැහැදිලි කරන්නම්." යුන්ගි කිව්වේ යූරි ව්‍යාකූලව ඉන්නවා කියලා දන්න නිසා.

My Human 🐺❤️ || (Complete)Where stories live. Discover now