මීසුව අරන් ගියත් හරි ජන්ග්කුක් ඉක්මනින් ක්‍රියාත්මක වුනා. එයා එයාගෙ අතේ තිබුනු පෑනෙන් එයාගෙ කකුලෙ දාලා තිබුනු යකඩ දම්වැලේ ලොක් එක අරින්න උත්සාහ කලා.
"ඇරෙන්න, ඇරෙන්න, ඇරෙන්න" ජන්ග්කුක් මිමිණුවේ දිගටම පෑන ලොක් එකේ ඇතුළට දාලා කරකවමින්. එකේක අතට කරකවලා බැලුවට පස්සෙ අන්තිමේදි 'ක්ලික්' සද්දයක් එක්ක ලොක් එක ඇරුනා.
ජන්ග්කුක්ගේ මූනෙ ජයග්‍රාහී හිනාවක් ඇදුනා.
කලබලෙන් දම්වැල් ගලවලා දාපු එයා කෙලින්ම දිව්වෙ දොර දිහාවට. එයා ඒක අතපත ගාමින් ඒක අරින්න විදිහක් උත්සාහ කලත් එයාට ඒ දොර ඇරගන්න බැරිවුනා. අඬන්න ආසන්නව හුස්මක් හෙළපු එයා යටි තොල හපා ගත්තා.
"ම්-මොකක් හරි ක්‍රමයක් හොයාගන්න ඕනෙ." මිමිණුව ජන්ග්කුක් කාමරය පුරාම පරික්ෂා කරමින් ගියා. බාත්රූම් එකටත් ගිය එයා දැක්කා කාමරේ වගේම ඒකෙත් කිසිම ජනේලයක් නෑ කියලා. පුංචි හිල් සහිත වා කවුළුවක් විතරයි තිබුනෙ.
තවත් පැය ගානක අසාර්ථක උත්සාහ වලින් පස්සෙ ජන්ග්කුක් අඬමින්ම බිත්තියට හේත්තු වෙලා වාඩි වුනා.
එයා බලාපොරොත්තු සුන්ව හිස් බැල්මෙන් අවකාශය දිහා කොච්චර වෙලා බලන් හිටියද දන්නෑ ඒත් ඇඟට වැටුනු මොකක් හරි සීතල දෙයක් නිසා එයාව ගැස්සුනා.
ඇඟට වැටුනු තැන අතගාපු එයාට තේරුනා ඒ වතුර බිංදුවක් කියලා. එයා ඒ ක්ෂණිකයෙන් බැලුවෙ උඩ. එයා දැක්කා සුදු පාට සිවිලිමේ සමචතුරස්‍රාකාර හැඩයට තියෙන හිල් සහිත පියනක් වගේ දෙයක්.
ඇස් දෙක ලොකු කරගත්ත එයා ආයිත් හිස් අවකාශය දිහා බලන් හිටියා.
ඊටපස්සෙ ක්ෂණිකයෙන් එතනින් නැගිට්ට එයා වටපිට බැලුවේ උඩට නගින්න ක්‍රමයක් හොයමින්. එතන තිබුනු පුටුව අරන් නැගලා බැලුවත් සිවිලිමට එයාට යන්තම් උස මදි. කේන්තියෙන් හුස්මක් හෙලපු එයා තව දේවල් හෙව්වා.
ඒත් එයාට ක්‍රමයක් කල්පනා වුන නිසා එයාගෙ මූන එළිය වුනා. එයාගෙ වෘක ශක්තියෙන් එයා ඇඳ ඇදගෙන ආවේ කවුලුව තිබුනු තැන යටට. ඊටපස්සෙ එයා ඇඳ උඩින් පුටුව තිබ්බා. ඇඳ බම්ප් වෙන නිසා පුටුව සමබර නොවුනත් එයා පරිස්සමින් ඒකට නැග්ගා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫