"හ්-හියුන්ගි?"
ජන්ග්කුක්ගේ ඇස් වලින් සතුටු කඳුලු බේරුනා. එයාට දැනුනා ටේහ්යුන් එයා ඉන්න තැනට ආසන්න වෙනවා කියලා. ඒත් එයාගෙ සතුට පිරුනු මූන ඊළඟ මොහොතේ අතුරුදහන් වුනේ ෆීලික්ස්ගේ ජයග්රාහී හිනාව දැකලා.
"ඔව් ඔව් ඔම්මගෙ බලය දරුවට බලපාන්නෙ නෑ කියන එක මං පිළිගන්නම්. හැබැයි...
අරූට බලපායිනෙ නේද?" කිව්ව ෆීලික්ස් පිටුපස නොබලම එයාගෙ ඇඟිල්ල දිගු කලේ ඈතින් මතු වුනු කලබෙලන් වටපිට බලන ටේහ්යුන්ට.
ජන්ග්කුක්ගේ ඇස් ෆීලික්ස්ගේ ඇඟිල්ල අනුගමනය කරහම දැක්කේ ටේහ්යුන්ව.
ටේහ්යුන්ගේ තියුණු ඇස් හැමතැනටම යොමු වුනා. ඒත් ඈතින් මිනිස්සු ටිකක් මැද අසරණව එයා දිහා බලන් ඉන්න ජන්ග්කුක්වත් එයාගෙ දරුවවත් දැක්කම ඒ ඇස් ලොකු වුනා.
"ජ්-ජන්ග්කුක්?" කිව්ව ටේහ්යුන්ගේ හදවත මොහොතකට නතර වුනා. සති ගානක් වෙනවා එයා අන්තිමට එයාගෙ පුංචි පවුල දැකලා. එයා දැක්කා එයාගෙ චූටි දෝණි ඔලුව හරවලා එයා දිහා බලන්න උත්සාහ කරන විදිහ. ටේහ්යුන් එතනම ගල් ගැහිලා හිටියා.
එයාගෙ පිටිපස්සට යුන්ගි හෝසොක් ඇතුලු පිරිසත් දුවගෙන ආවා.
මේ අතරේ ජන්ග්කුක්ගේ හදවත භීතියෙන් පිරුනා. ෆීලික්ස් හදන්නෙ ටේහ්යුන්ට කරදරයක් කරන්න.
"එ-එපා." ජන්ග්කුක් මිමිණුවා.
ඊටපස්සෙ එයා දැක්කා ටේහ්යුන් එක්ක ඒ පිරිසම එයාලා ඉන්න දිහාවට එන්න හදන විදිහ.
"හියුන්ගි එපා!! එන්න එපා!!" ජන්ග්කුක් කෑගැහුවම ටේහ්යුන්ගේ ගමන බාල වුනේ ව්යාකූලව. මේ අතරේ ඔෆිසර්ස්ලා තුවක්කු ෆීලික්ස්ට එල්ල කරා වගේම යුන්ගි එයාගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වෙන්න සූදානම් වුනා. එයාගෙ ඇස් දැනටම කහ පාටින් දිලිසෙමින් තිබුනා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫