|| 01 ||

495 78 5
                                    

.

.

.

.

.

"ජිමිනීනීඊඊඊ......"

"නැගිටිනවා ළමයෝ මොන කම්මැලිකමක් ද මේ...? මාව ඔතෙන්ට ගෙන්න ගන්න එපා, නැගිටලා එන්න මේ අප්පට ඔයා එක්ක කතා කරන්න ඕනෙලු......"


"ආයිෂ්....... මොන කරුමයක් ද මේ නිදාගන්න දෙන්නෙත් නෑ අප්පා මාත් එක්ක මොනා කතා කරන්නද....... Fu*k 😒" 

එහෙම කියපු ජිමින් අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවා විතරයි ඇති සාර්ථක ලෙස වතුර කෝප්පයක් ඇවිත් එයාගේ ඔලුවේ ඉදන් නෑවිලා ගියා... 😌👍🏻

"Fu*k මොකා.... ආ ඔම්මා ගුඩ් මෝනිම් 😑 

මොකක්ද ඔම්මා ඔයා හැමදාම ඔහොමයි ෂිට් බලන්න ඇදත් තෙමිලා නේ 😑"

" ඉක්මනට රෙඩි වෙලා පහළට එන්න මයෙ පුතේ අප්පා බලන් ඉන්නවා... 😌"

ජිමින්ව සත පහකට ගණන් ගන්නේ නැතුව එහෙම කියලා එයාගේ ඔම්මා පහළට ගියා....

ඔයාලා බලනවා ඇති උදේ පාන්දරම මේ විදිහට හිංසනයට පත් වෙන ජිමින් කියන්නේ කවුද කියලා නේ.....

නම : Park Jimin

වයස : 23

ජිමින් කියන්නේ නාන්න සල්ලි තියෙන පවුලක එකම ළමයා PJ fashion එකේ අනාගත අයිතිකරු, ඒත් එයාට ඒවා කිසි ගානක් නෑ uni එහෙම ගිහින් ඉවර වෙලා දැන් සල්ලි කකා ගෙදරට වෙලා ඉන්නවා 

එයාගේ පෝසත් මිතුරු කැලත් එක්ක ක්ලබ් කනවා, ට්‍රිප් යනවා, පාර්ටි දානවා ඕවා තමයි ජිමින් 365 දවසෙම කරේ, හැබැයි එයාගේ යාලුවෝ නං එයාලගෙ අප්පලා එක්ක බිස්නසුත් බලාගත්තා.. (ජිමින් ගේ යාලුවෝ ඉදිරියට අදුරගමු )

ජිමින් හාත්පසින්ම වෙනස් කියන දේ කනකට අහන්නේ නැති, tattoo ගහන්,ඇග හැමතැනම හිල් කරගෙන කරාබු ගොඩක් එල්ලන් රස්තියාදු ශේප් එකට ජීවත් වෙන පොරක්...

ඕඕ දැන් ජිමින් ගැන විස්තර ඇති Back to the story


ජිමින් නාලා එහෙම පොඩි ඩෙනිම් ෂෝට් එකකට බැගි ටී එකකුත් දාගෙන හිමීට හොරෙක් වගේ ඇවිත් කිචන් එකට රිංගගත්තා 

"ඔම්මා කෝ මගෙ මිල්ක්ෂේක් එක 😒....."

"හදලා ෆ්‍රිජ් එකේ ළමයෝ අරන් බොන්න මට වද දෙන්න එපා "

"මගෙ හොද ඔම්මා...... උම්ම්මා හොදේ "

එහෙම කියලා ජිමින් ඔම්මගේ බෙල්ලේ එල්ලිලා කම්මුලට දීග kiss එකක් දුන්නා 

"ඔම්මා.... අප්පා මාත් එක්ක තරහින්ද..... ඇයි එයා මට කතා කරන්න ඕනේ කිව්වේ???? ☹️

"ඔයා කරන වැඩ වලට ඒ මනුස්සයාට තරහ නොගියොත් තමයි පුදුමේ.... කතා කරන්න ඕනේ කිව්වේ ඇයි කියලා මං දන්නෑ ඒවා අප්පලා, පුතාලම බලාගන්න... අනික ඔයා ඉස්සරහටත් ඔහොම ඉදල බෑ නේ පුතා අප්පා කියන දේකට කැමති වෙන්න....

කෝ එහාට වෙන්න ඔයා කරේ නැගලා ඉද්දි මට මේක හැදි ගාන්න බෑ.." 

ජිමින් මූණත් බෙරි කරන් පස්සට වෙලා මිල්ක්ෂේක් එක කටේ ගහගත්තා....

"අම්මලා පුතාලා හුරතල් වෙලා ඉවර නං මට පුලුවන්ද කතා කරන්න 😑🤚🏻...............

.

.

.

.

.

ඔන්න පලවෙනි චැපිය දැම්මා මොකද හිතෙන්නේ විකාරයක් වගේ නේ 🤣 ඔව් මම දන්නවා 😌🤚🏻


කියවන්න කැමති අය, ඉස්සරහට කතාව ඕනේද කියලා කොමෙන්ට් එකක් දාන් යන්න

 මීට කළුවරේ ඉදන් කතාව ලියපු ඕතර් 🙂🤧✌🏻.....




Bunny ________🍓

Stubborn Daddy ||Where stories live. Discover now