|| 06 ||

258 75 21
                                    


.

.

.

.

ජිමින් ළමා නිවසෙට ගිහින් ඇවිත් දැන් හරියටම දවස්‌ තුනක්.. ඒ දවස්‌ තුනටම ජිමින් ගෙදරින් එක අඩියක් එලියට තිබ්බේ නෑ..


එයා හරියටම දවස්‌ තුනකින් ක්ලබ් ගිහින් තිබ්බේ නෑ..... 

ජිමින් අන්තිමට කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලත් දැන් දවස් හතරකට වැඩියි.....

මේක එයාගේ යාළුවොන්ට නං සෑහෙන්න ප්‍රශ්නයක් උනේ... මොකද ජිමින් එක දවසක් වත් ක්ලබ් එකට යන එක මිස් කරේ නෑ,, හැමදාම හවසට ගිහින් පාන්දර ජාමේ බීගෙන ගෙදර එන්න තමයි එයා පුරුදු වෙලා හිටියේ....


කෙල්ලෝ කියන්නෙත් ජිමින්ට ඇදේදී විතරක් වැදගත් වෙන එහෙම නැත්තන් කිසිම වැඩකට නැති ජාතියක්... ඒ නිසා ඇදුම් මාරු කරනවා වගේ කෙල්ලෝ මාරු කරන එකත් ජිමින්ගේ පුරුද්දක්.....


ඒ වගේම කොලේජ් යන කාලේ ඉදන්ම කොහෙ හරි වලියක් නං ඒවගේ මුලිකත්වය ගන්නත් ජිමින් අමතක කරේ නෑ...

යුනිවසිටි යන කාලේ උනත් සතියට දෙපාරක් විතර මාරාන්තික තුවාල එක්ක තමයි ජිමින් ගෙදර එන්නේ....


ඉතින් මෙහෙම හිටපු ජිමින්ගේ මේ  වෙනස් හැසිරීම එයාගේ හොදම යාලුවා ටේ කොල්ලටයි, එයාගේ යාළු හියුන්ල ටිකටයි,,, ජිමින්ගේ ඔම්මටයි, තාත්තට යිත් ලොකු ප්‍රෙහෙලිකාවක්.....


මොකද ඔම්මයි, තාත්තයිත් එයාලගෙ පුතාගේ කෙරුවාව දැනන් හිටියා... ඒත් එයාලට ජිමින්ව ඒවගෙන් ගලවගන්න නං බැරි උනා....

එයාගේ ඔම්මයි, අප්පයි ගාව කොච්චර හුරතල් උනත් එයා කියන දේ අහන්නේ නැති මුරණ්ඩු කොල්ලෙක්.....

මේ හැමෝම දහඅතේ කල්පනා කරේ ජිමින් මෙහෙම ඉන්න හේතුව මොන වගේ එකක් වෙන්න පුලුවන්ද කියලා.....


එයාල ඒ පැත්තෙන් ජිමින් ගැන එහෙම හිතද්දී ජිමින් නං හිටියේ එයාගේ කාමරේට වෙලා ලොකු කල්පනාවක.....


මේ දවස් තුනටම එදා එයා එක්ක හුරතල් උන කළු පාට ජිල් බෝල දෙකක් වගේ ඇස් දෙක ජිමින් ට හැම මොහොතේම මතක් උනා... එයාට ඕන උනා ආපහු ඒ රෝස බෝලෙව බලන්න යන්න... තදින්ම ඕනේ උනා ඒත් ඒ ගැන කාටවත් කියන්න ජිමින්ට ඕනේ උනේ නෑ.....


ඔහේ ගෙදරට වෙලා,, දවස්‌ තුනක් ක්ලබ් නොයා, දවස්‌ ගානකින් සෙක්ස් නොකර එයා මෙහෙම ඉන්න එක ගැන එයාටම පුදුමයි.....



හතර වෙනි දවසේ උදෙන්ම ලෑස්ති වෙලා ජිමින් ගෙයින් එළියට බැස්සේ තවත් මෙහෙම ඉදලා කිසිම තේරුමක් නැ කියලා එයාට තේරුණ නිසා.....

.

.

.

.

.








අද නං චූටි කොටසක් නේද අනේව් සොරි ළමයි... ☹️

අද 11 නේ ඉතින් අවුරුද්දට තව දවස් කියද,, ඒ නිසා හොදටම බිසී වෙලා ඉන්නේ ගෙදර වැඩත් එක්ක එහෙ දුවනවා මෙහ දුවනවා.....දොදොල් හැදි ගාන්නයි, කැවුම් බදින්නයි.....

පුහ් හොද පණ ගිහින් ඉන්නේ 😒🤚🏻....ඔය සේරම වැඩ වලට පොඩි පොඩි උදව් කරන්නේ ඉතින් මම,, සම්පුර්ණ වගකීමක් අරන් වැඩක් කරන්න බැ ඉතින් නානවා නෙමෙයි හානවා 🤣🙂👍🏻

Exam තිබ්බ නිසා කිසි වැඩකට උදව්ගත්තේ නෑ, දැන් ඉතින් ඉවරනේ කියලා අපේ අම්මා දැන් හිටු කියලා මං ලවා වැඩ කරව ගන්නේ.... හේ හේ කමක් නෑ දුකක් නෑ 😌🤚🏻 

මේ සූටි කොටස දුන්නෙත් ඔයාලා බලන් ඉන්න නිසා.... ආය අළුත් අවුරුද්දෙන් පස්සේ update දෙන්නම් ළමයි... පරිස්සමින්, සතුටින් ඉන්න... ♥️

ලබන්නා වු අවුරුද්ද ඔයාලට සුබම සුබ අවුරුද්දක් වෙලා,, ඉස්සරහට වත් මේ කරදර නැති,හොද කාලයක් උදා වෙන්න කියලා පාර්ථනා කරනවා 😌🙏🏻........


කට්ටිය මෙදා පාර නෑගම් යද්දී ගෑස්, පෙට්‍රල්, ඩීසල්, පාන් රාත්තල් එහෙම අරන් යන්ඩ කේක් ගෙනියල වැඩක් නෑ 🤣🤣👍🏻,, අවුරුද්දට වදිද්දී සල්ලි දෙන්න එපා පෙට්‍රල් වගේ හිග දේවල් දෙන්න කියාපියව් 😌🤣👍🏻



ඒනන් අපි කැපුනා,,,ආදරෙයි මහ මෙර තරම් හුම්ම් 😌♥️...... 








Bunny _____🍓

Stubborn Daddy ||Donde viven las historias. Descúbrelo ahora