|| 03 ||

261 76 14
                                    


කතාවට කලින් පුංචි දෙයක් කියන්නම්,,,,

මේ මගෙ පලවෙනි කතාව නිසා ගොඩක් කොටස් නෑ කොටස් 10 වගේ ඉවරයි....

ඉතින් ඔයාලට කතාව ගැන හිතෙන්නේ මොන වගේ දෙයක් ද කියලා දැනගන්න ඕනෙම දෙයක් අඩුපාඩුවක් උනත් කමක් නෑ vote නැතත් පුංචි comment එකක් දානවා නං මම කැමතියි, මෙතනින් තව ඉස්සරහට යන්න මට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා... 😊♥️


___________________________________________________________

කතාවට යමු........, 😌

.

.

.

Park පවුලම දැන් මේ ඉන්නේ එයාලගෙ ළමා නිවාසෙට යන ගමන්..

පිටිපස්සේ ෂිට් එකට වෙලා මුණ එල්ලන් ජනේලෙන් එළිය බලාගෙන හිටිය ජිමින් දිහා Mrs. Park නං බලන් හිටියේ හිනාව තද කරන්....

ටික වෙලාවකට පස්සේ එයාලා හිටියේ ළමා නිවසේ ගේට්ටුව ඉස්සරහ....

වාහනේ පාක් කරපු Mr. Park, Mrs. Park ගෙත් උදව්වෙන් එයාලා ළමයින්ට ගෙනාපු තෑගි ටිකත් අරන් ඉස්සර වෙලා යද්දී... එයාලගෙ මුරණ්ඩු පුතා අත් දෙක සාක්කු දෙකට දාන් පිටිපස්සෙන් ගෑටුවා...

ළමයින්ට උවමනා කරන දේවල් නිතරම මෙහෙට එව්වත් මාසෙකට සැරයක් තෑගි අරන් ළමයින්ව බලන්න එන්න Park යුවල පුරුදු වෙලා හිටියෙ තමන්ගේ ළමයට වගේම මේ ළමයින්ට එයාල ආදරේ කරපු නිසා....

ඔම්මයි, අප්පා යි දෙන්නා ළමා නිවසේ ප්‍රධාන පාලිකාව හම්බෙන්න ගිය නිසා ජිමින් කම්මැලි කම යන්න එහෙ මෙහෙ පොඩ්ඩක් ඇවිදින්න කියලා හිතන් ඉස්සරහ ට තිබ්බ කොරිඩෝව දිගේ ඉදිරියට ඇදුනේ නිකමට වගේ....

ටික වෙලාවකින් එයා දන්නෙම නැතුව ඇවිත් තිබ්බේ චූටි බබාලා ඉන්න පැත්තට...එයාල සේරම එයාලගෙ කෝට් වල සැපට නිදි....

" ඔහ් එයාල හරි පුංචියි නේ... "

කියපු ජිමින් බබාලගේ කෝට් අතරෙන් හිමින් සැරේ අඩි තියලා ඇවිද්දේ එයාල ඇහැරුනොත් එයාට  ඔම්මගෙන් කන පැලෙන්න අහගන්න වෙනවා කියලා දන්න නිසාමයි.....

ඉතින් එයා හිමින් හිමින් බබාලා දිහා බල බල ඉස්සරහට ඇවිදින් ගියා....

Stubborn Daddy ||Where stories live. Discover now