5
දේ නෝරා ඔයා හරි.ඒත් එයා කවුද? මේකේ අයට එහෙම කතා කරන්න තරම්? බැරි වෙලාවත් ඒ ජිමින්ගේ...?
කෙල්ලෝ දෙන්නා එක පාරට මූනෙන් මුන බලාගත්තා.
ඔහ් ගුකී මොකද මට කෝල් කරන්නේ මේ
නෝරා ෆෝන් එකත් කනේ ගහගෙනම හදිස්සියෙන් එලියට යද්දිත් නිත්‍යා බලන් හිටියේ අර හුරතල් රූපේ දිහා... විනාඩි ගාණක් යද්දි ඒ චූටි ඇස් නිත්‍යා දිහාවට යොමු උනා. ලස්සන හිනාවක් එක්කන් ඇවිදගෙන ආව එයා ඒ චූටි අත් උඩට කරලා ඉස්සුවේ එයාව වඩාගන්න කියන්න
නිත්‍යා හිනා වෙලා දෙපාරක් නොහිතා ඒ හුරතල් කෙල්ලව වඩා ගත්තේ හිනා වෙන ගමන්.
ආව්ව්ව් මේ කවුද මේ... ඒන්ජල් ඔයාගේ නම මොකද්ද
ඌව් ප්‍රින්සි හූම්. අම් රෝස්
කෙල්ලගේ ලොකු කමට නිත්‍යාට හිනා ගියා. ඒත් ඒ හුරතලේ නිත්‍යාගේ හිත ඇදගත්තා. චූටි පිම්බුන රෝස පාට ගවුමක් දාලා ලොකු මලක් තියන හෙයා බෑන්ඩ් එකක් දාලා හිටිය චූටි කෙල්ල නිත්‍යාගේ බෙල්ල බදා ගත්තා. ඒත් එක්කන්ම වගේ ටිකකින් වේගෙන් ඇවිදගෙන ආවේ ටිකක් වයස එත් ඩීසන්ට් පෙනුමක් තියන ගෑණු කෙනෙක්.
එයාගේ ඇදුම් වලින්ම තේරුනා එයා කොච්චර පෝසත්ද කියලා.
අනේ අනේ රෝස් මන් කිව්වා ඔයාට මගේ අතින් අල්ලන් ඉන්න කියලා.පන්ඩිත කෙල්ල කොහෙද දුවන් ආවේ ආහ්?
ආව ගමන්ම කෙල්ලට බොරුවට සැර දාන ගමන් බනින ගෑණු කෙනා දිහා නිත්‍යා බැලුවේ හිනා වෙන ගමන්. ඒත් පොඩි එකීට ගාණක් නෑ හෝ ගාලා හිනාව අතෙන් කටත් වහගෙන. එයාට තිබ්බේ බලල් ඇස්.ඒවා හරිම ලස්සනයි.
අනේ සොරි මෙයා කාර් එකෙන් බැස්ස ගමන් දුවගෙන ආවා. මට පුදුම හිතුනා මෙයා ඔයාගේ අතේ ඉන්නවා දකිද්දි.මෙයා කාගෙවත් ලගට යන්නේ නෑ මායි එයාගේ අප්පයි ඇරුනහම.
ඕහ් මෙයා ආව ගමන් මට අත් දෙක දික් කරා වඩාගන්න කියලා
නිත්‍යා කිව්වේ හිනා වෙවි...
එතකොට ඔයා?
ඔහ් මම මේකේ ඕනර් පාර්ක් ජිමින්ගේ ප්‍රයිවට් සෙකට්‍රි
YOU ARE READING
THE INSANE || PJM FF || COMPLETED
Fanfictionහිතන්නේ රිදෙන්නේ නෑ කියලද? නෑ..... රිදෙනවා..... හදවත.............. හිතන්නේ අඩන්නේ නෑ කියලද? නෑ අඩනවා.... දරාගන්නම බැරි මොහොතක... ඇය විතරද ආලය කලේ? ඇය විතරද තේරුම් ගත්තේ නුබව? මා කලේ නැතුවද ඔය කියන ආලය? මා කලේ නැතුවද ඔය කියන තේරුම් ගැනීම? නැහැ..... ක...