9
සාක්කුවෙ තිබ්බ අත් එලියට ගන්න ගමන් තමන්ගේ අප්පාට ආචාර කරපු ජිමින්ට අප්පාගෙන් ප්රතිචාර විදිහට ලැබුනේ තොලෙන් ලේ ගලන්න තරම් සැර කම්මුල් පාරක්!
විනාඩි දහයක්! තමුසේ අද මීටින්ග් එකට යන්න විනාඩි දහයක් පරක්කුයි ජිමින්! අනික තමුසේ වගේ එකෙක්ට මගෙන් අහන්නේ නැතුව කවදා ඉදන්ද පාර්ක් ඉඩස්ට්රීස් වල තීරණ ගන්න පුලුවන් උනේ?
එක දිගට කම්මුල් පාරවල් තුන හතරක්ම වැදෙද්දි උනත් ජිමින් කරේ එතන කිසිම දෙයක් නොවුන ගානට හිටගෙන ඉන්න එක විතරයි. ජන්ග්කූක් ටේගේ උනත් වෙනසක් තිබ්බේ නෑ ඒ දෙන්නත් පස්සට අත් දෙක බැදගෙන හිටගෙන හිටියා බිම බලාගෙන.
ජිමින්ට එයාගේ අප්පා අහන දේවල් වලට උත්තර දෙන්න ඕනේ කමක් තිබ්බේ නෑ. ඒකෙන් උනේ තව ටිකක් ජිමින්ගේ අප්පට තරහා ගිය එක. ආයේම කම්මුලට වැරෙන් පාරක් ගහද්දි දැනටමත් ජිමින්ගේ තොල් වලින් ගැලුව ලේ ටික ටිකක් වැඩියෙන් ගලන්න ගත්තා. ඒත් එක්කන්ම එතනට ආවේ ජිමින්ගේ ඔම්මා
මහත්තයා නවත්තන ඕක ඔය අපේ දරුවා දෙයියනේ!
උඹ අහකට වෙලා හිටපන් මේකෙන් බැ#%@
නොහිතපු විදිහට ජිමින්ගේ අප්පාගෙන් ඔම්මටත් කම්මුල් පාරක් වදිද්දි ජිමින් එයාගේ ඇස් දෙක තද කරලා වහගෙන අත මිට මොලවා ගත්තා.
අද උබ ඉදන් මගේ දරුවා නෙවෙයි! උබට අද ඉදන් මන් පාර්ක් සර්! කවුද මන් උබේ?
බිම බලන් ඉන්න ජිමින් දිහාම බලන ගමන් තමන්ගේ බෙල්ට් එක ගලවලා ගත්ත මිස්ටර් පාර්ක් ඒ බෙල්ට් එක අතට තද කරගෙන ජිමින්ගෙන් අහද්දි ජිමින් උත්තර දුන්නා
පා....පාර්ක් සර්
ඒත් එක්කන්ම එක දිගට වැදෙන බෙල්ට් පාරවල් නිසා ජිමින් එතන බිම නිකන්ම දනගැස්සෙද්දි ජන්ග්කූක්ගේ ඇස් වලින් කදුලුත් ටේගේ ඇස් වලින් නොනිමෙන තරහකුත් පිට උනා. ජිමින්ට ගහන පාරවල් ඒ විදිහටම ජන්ග්කූක්ටයි ටේටයිත් වැදුනත් ඒ දෙන්නා කෙලින් හිටගෙන හිටියා. වැඩ කරන සේවකයෙක් ඇවිත් ජිමින්ගේ ඔම්මව එලියට අරගෙන ගිහින් ඒ කාමරේ ඇතුලේ මිස්ටර් පාර්ක් සහ කොල්ලෝ තුන් දෙනා විතරක් ඉතුරු වෙන්න දොර වහලා දැම්මා.
STAI LEGGENDO
THE INSANE || PJM FF || COMPLETED
Fanfictionහිතන්නේ රිදෙන්නේ නෑ කියලද? නෑ..... රිදෙනවා..... හදවත.............. හිතන්නේ අඩන්නේ නෑ කියලද? නෑ අඩනවා.... දරාගන්නම බැරි මොහොතක... ඇය විතරද ආලය කලේ? ඇය විතරද තේරුම් ගත්තේ නුබව? මා කලේ නැතුවද ඔය කියන ආලය? මා කලේ නැතුවද ඔය කියන තේරුම් ගැනීම? නැහැ..... ක...