INSANE-PART 06🌸

1.4K 316 24
                                    

6 (මැදට වෙන්න ටයිප් කරන්නේ අද ඉදන් දෙබස් ටික අරස්සෝ)

හවස් වෙනකලුත් බබා නිත්‍යා ගාවින් හෙලවුනේ නැති නිසා ජිමින් හිමීට නිත්‍යාගේ කැබින් එකට ගියේ බබාව බලන්නත් එක්කන්මයි..ඒ යද්දි බබා නිත්‍යාගේ ඔඩොක්කුවේ නිත්‍යාගේ පපුවේ මූන හන්ගගෙන හොදට නිදි.ජිමින් දැකලා කෙල්ල නැගිටින්න ගියත් ජිමින් අතින්ම නිත්‍යාට ඉදගන්න කිව්වා...

ඊලගට ජිමින් කරපු දේ නිසා නිත්‍යා සෑහෙන්න පුදුම උනා.. ජිමින් නිත්‍යාගේ පුටුව නිත්‍යා ඉද්දිම ටිකක් පිටිපස්සට කරලා ඒ ඉස්සරහින් එක කකුලක් නවලා දන ගැහුවා... ඊට පස්සේ අර හුරතල් බෝල ගෙඩියගේ චූටි අතකින් සිනිදුවට අල්ලගෙන ඒ අත උඩ තොල් තිබ්බා.. ඒ දිහා නිත්‍යා බලාගෙන හිටියේ පුදුමෙන්.

මොකද නිත්‍යා හිතුවේ ජිමින් ආව ගමන් බබාව එයාගෙන් අරගෙන එක්කන් යයි කියලා... නිත්‍යාගේ පපුවට තුරුල් වෙලා ඇගිල්ලකුත් කටේ ගහන් නිදාගෙන ඉන්න් කෙල්ල දිහායි ජිමින් දිහායි නිත්‍යා බැලුවේ කියාගන්න තේරෙන්නේ නැති හැගීමකින්.අඩන්නද හිනා වෙන්නද කියලා නිත්‍යාට තේරුනේ නෑ.

       නිනී...

චූටි කෙල්ලගෙන් ඇස් අයින් කරගත්තු ජිමින් ඊලගට බැලුවේ නිත්‍යාගේ ඇස් දිහා.

         ද්....දේ...ජි...ජිමින්

          ඒක ජිමී නෙවේද නිනී? ඔයා මට මෙච්චර කාලයක් කතා කරේ ජිමී කියලා. ඔයා ඇයි දැන් ඒක වෙනස් කරලා

ජිමින් ඇහුව දේට නිත්‍යා ගාව උත්තරයක් තිබ්බේ නෑ.. ඒනිසාම නිත්‍යා එක දිගට රෝස්ගේ පිම්බුනු කම්මුලක් දිහා බලාගෙන හිටියා...

         මියානේ මගේ ප්‍රින්සස් ඔයාට කරදර කරාන..

          අනී එහෙම නැහැ. එයා හරිම හුරතල් බබෙක්.මන් එයා එක්කන් හොද කාලයක් ගත කරා ජිමින්

ජිමින් කියන්න ගිය දේ සම්පූර්ණ කරන්න නොදීම නිත්‍යා කතා කරේ ඇත්තටම රෝස් නිසා එයාට අද දවස හොද උන නිසා. ජිමින් නිත්‍යාට කිසිම උත්තරයක් නොදී නිත්‍යා දිහාම බලන් ඉද්දි නිත්‍යා ජිමින් දිහා බැලුවේ කදුලු හන්ගගෙනමයි

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now