INSANE-PART 12🌸

1.3K 308 44
                                    

12

සේන් එක්කන් උණුසුම් රැයක් ගෙවපු ටේ උදෙන්ම නැගිට්ටේ එයාලගේ ගැන්ග් එක එකතු වෙනවා කියන සතුටත් එක්කන්. ඒක ටේට විතරක් නෙවේ හැමෝටම අමුතු කික් එකක් උනා. අවුරුදු ගාණකට පස්සේ පවුල එකතු වෙනවා වගේ හැගීමක් තිබ්බා හැමෝටම . සේන් උදෙන්ම නැගිටලා ටේටත් ඇහැරවලා ගියා කියලා ටේට මතක් උනේ දැන්. ටේ දැනගෙන හිටියා ආය සේන් අල්ලගන්නවා කියන එක බොරුවක් කියලා. ගැන්ග් එකේ බාගයක්ම හිටියේ සේන් යටතේ. ඉතින් ගැන්ග් එක ගෙන්නන්න තීරණේ කරොත් සේන් මීට වඩා බිසී වෙනවා කියලා ටේ අත්දැකීමෙන් දැනගෙන හිටියා.

වොශ් දාලා ශෝර්ට් එකකට ටී ශර්ට් එකක් දාගත්ත ටේ පහලට යද්දිත් ජේකේ එයාලගේ බ්ලැක් බොක්ස් එක මේසේ උඩ තියාගෙන හිටියා ජිමින් එක්කන්ම.. ටේ ජේකේගේ පිටට තට්ටුවක් දැම්මා

ඔහ් ටේටේ හ්‍යුන් ගුඩ් මෝනින්ග්.

ගුඩ් මෝනින් කූක් ඔයා උදෙන්ම වැඩට බැහැලා වගේ. ඇයි ඕපන් නොකර බලන් ඉන්නේ

මුට පිස්සු ටේටේ..

ටේ අහද්දි ඒකට උත්තර දුන්නේ ජිමින්. ජිමින් ජන්ග්කූක්ගේ පිටට හයියෙන් එකක් ගහද්දි ජන්ග්කූක් එයාගේ බනී දත් ටික දාලා හිනා උනා.

බය වෙන්න එපා කූක්! ඔයා එදා වගේමයි. වෙනසකට උනේ අපි ටික කාලයක් මේ ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා හිටිය එක විතරයි.

ටේ එහෙම කියද්දි ජන්ග්කූක් බ්ලැක් බොක්ස් එක අන්බොක්ස් කරලා එලියට ගත්තේ ලැප් එකක්. ජන්ග්කූක් ඒක ඔන් කරලා බ්ලැක් බොක්ස් එකේම තිබ්බ පෙන් ඩ්‍රයිව් එකක් අරගෙන ඒකට කනෙක්ට් කරා.

ලැප් එකේ ස්ක්‍රීන් එකේ තිබ්බේ ජෝකර්ස්ලාගේ ඔෆීශියල් කාඩ් එක. ජන්ග්කූක් ඉස්සෙල්ලම ලොග් උනේ ජෝකර්ස් ට්විටර් අකවුන්ට් එකට. ලොග් වෙලා ජන්ග්කූක් ට්වීට් කරපු එක දැකලා ජිමින් ආඩම්බරකාර හිනාවක් දැම්මා

Hi we are jokers, we are back to the stage! Are you ready?

වාව් ජන්ග්කූක් ඔයා ආයේම මිනිස්සු පිස්සු වට්ටන්නද යන්නේ ඔය.

ජන්ග්කූක් දැම්ම ට්වීට් එකට ඒ වෙලාවේ  ඉදන් එක දිගට රිප්ලයි එද්දි ජන්ග්කූක් හිනා උනා. කාලයක් මිනිස්සුන්ට මේනියාවක් උන මාෆියා ටීම් එක! හැමෝම දැනගෙන හිටියා ජෝකර්ස් ටීම් එකේ ඉන්නේ කොල්ලෝ කියලා. ඉතින් වැඩියෙන්ම ප්‍රතිචාර තිබ්බේ කෙල්ලොන්ගෙන්.

THE INSANE || PJM FF || COMPLETEDOÚ les histoires vivent. DÊcouvrez maintenant