22
ඒ අතර මිස්ටර් පාර්ක් සුහෝ එක්කන් ජිමින්ට කරන්න පුලුවන් නපුරුම දේ ප්ලෑන් කරන ගමන් හිටියේ වයින් වීදුරුවක් තොල ගාන ගමන්.....
නිත්‍යා ගිහින් බැල්කනි එකේ බිම ඉදගත්තේ වයින් බෝතලේ බිම තියලා.. ජිමිනුත් ඇවිත් නිත්‍යාට එහා පැත්තෙන් ඉදගත්තේ නිත්‍යාගේ මූන දිහා බලාගෙනමයි.
වේ ඔහොම බලන්නේ
කලින් හරියට බලන්න බැරි උනා. මන් හිතන් හිටියේ මන් ඔයාට ආදරේ නෑ කියලා. ඒත් ඔයා තරහ උන දවස් ටිකේ මට ඒක තේරුනා. ඒ නිසා කලින් බලන්න බැරි උන ඒවත් එක්කන් දැන් බලනවා මන්
ජිමින් හිනා වෙවී කියද්දි නිත්‍යා ජිමින්ගේ හිනාව දිහා බලාගෙන හිටියා. සුදු දනහිස ගාවටම දිග බැගී ශර්ට් එකක් ඇදන් හිටිය නිත්‍යාගේන් ආවේ අමුතු හොට් ලුක් එකක්.
නිත්‍යා බලාගෙන ඉද්දිම ජිමින් වයින් බෝතලේ කඩලා ඒක නිත්‍යාට දික් කරා.
නිනී මියානේ මන් ඔයාට රිදෙව්වා...
ස්නේහා එයා අහිංසක පාටයි මින්
ජිමින් දුන්න වයින් එක කට තියලම උගුරක් දෙකක් බීලා නිත්‍යා බෝතලේ බිම තියද්දි නිත්‍යාගේ තොල් තද රතු පාට උනා.. එලියේ තිබ්බ අමුතු සෞම්‍ය සීතලත් එක්කන් ජිමින් හිටියේ සැනසීමෙන්. එයා නිත්‍යව නිදහසේ රස වින්දා...
දන්නේ නෑ. මන් එයා ගැන දන්නේ නෑ නිනී. මට වැඩකුත් නෑ. මට ඕනේ රෝසුයි ඔයයි එක්කන් ඉන්න දැන්. මට ඕනේ මේ ප්‍රශ්න ඉවරයක් කරලා දාන්න. ඒ වගේම මට ඕනේ කම්පැනි එක ඉක්මනට මගේ අතට ගන්න. ඒ වගේම මට ඕනේ ඔම්මගේ මරණෙට සාධාරනේ කරන්න
ජිමින් අද ගොඩක් කතා කරනවා! නිත්‍යාට හිතුනේ එහෙමයි...
ඔයාට මතකද අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකේ අපි දෙන්නා බිව්වා. එදත් ස්නේහා නිසා ඔයා මාත් එක්කන් රණ්ඩු කරලා හිටියේ.
ජිමින් අහස දිහා බලාගෙන කියන ගමන් සිගරට් එකක් තොල් අතර රදවාගත්තා.
දේ...මට මතකයි. එදා වයින් එක රසයි. ඊටටත් වඩා රසයි මන් රෑ එලි වෙනකන් මේකේ තනියම වැඩ කරපු දවසේ බිව්ව වයින් එක.. එදා ඔයා තිබ්බ මාර්ක් එක තාම මගේ කකුලේ තියනවා.
YOU ARE READING
THE INSANE || PJM FF || COMPLETED
Fanfictionහිතන්නේ රිදෙන්නේ නෑ කියලද? නෑ..... රිදෙනවා..... හදවත.............. හිතන්නේ අඩන්නේ නෑ කියලද? නෑ අඩනවා.... දරාගන්නම බැරි මොහොතක... ඇය විතරද ආලය කලේ? ඇය විතරද තේරුම් ගත්තේ නුබව? මා කලේ නැතුවද ඔය කියන ආලය? මා කලේ නැතුවද ඔය කියන තේරුම් ගැනීම? නැහැ..... ක...