INSANE-PART 21🌸

1.4K 308 26
                                    

21

මෙ...මෙයා?

ඔයාල දන්නවද මේ ගෑණි?

ම්ම්ම් දේහ් මිස්ටර් පාර්ක්ගේ දැන් ලව් එක ඔය. කන්ග් මින් යන්ග්

මොහ්?

ජන්ග්කූක් කිව්ව එකට නෝරට බිබී හිටිය එකත් පිට උගුරේ ගියා.

ඒකෙන් කියවෙන්නේ නිනීගේ හතුරොයි මගේ හතුරොයි එකයි කියන එක නේද

ජිමින් කිව්වේ කොෆී එක තමන්ට ලන් කරගන්න ගමන්. නෝරා ඒකට ඔව් කියන්න ඔලුව වැනුවා...

නිනීට කියන්න එපා මන් මේවා දන්නවා කියලා අරස්සෝ ?

හ්ම්ම්

නෝරා වගේම ජන්ග්කූක් නැගිටලා යන්න ගියත් එතනට දුවගෙන ආවේ සේන්.

ජි...ජිමින්... අනී අනී සර් මේ අර එදා නිත්‍යා කස්මැටික්ස් වලදි සර් ගැහුවේ. අන්න ඌ ඇවිත්

සේන් කිව්ව විදිහට ජිමින්ට තේරුනා ඒ සුහෝ කියලා.

කොහෙද ඌ දැන්?

අහ් ගාඩ් එකෙන් යන්න දෙන්න බෑ කියද්දි සර්ගේ රූම් එකට ගියා

මොකක්? යාහ් යාහ් ඒකේ නිනී ඉන්නවා

ජිමින් පුටුවත් පස්සට කරලා කෑ ගහන ගමන් දිව්වේ එයාගේ ෆෝන් එකවත් ගන්නේ නැතුව.

නිත්‍යා හායි!

සු...සුහෝ

නිත්‍යාට තේරෙන්නේ නෑ ඇයි එයා එච්චර සුහෝ දකිද්දි බය වෙන්නේ කියලා. ඒත් හොස්පිට්ල් එකේ ගෙවපු ජීවිතේ, බඩේ තාමත් තියන කැලල වගේම අවුරුදු ගනන් බීපු බෙහෙත් නිසා නිත්‍යා සුහෝට අසීමිතව බය උනා..

සුහෝ දැක්ක ගමන් ඉදගෙන හිටිය චෙයා එකෙන් නැගිට්ටේ වෙව්ලද්දි... නිත්‍යාට හුස්ම ගන්න අමාරු උනත් නිත්‍යා අමාරුවෙන් හරි දරාගන්න උත්සාහ කරා.. ජිමින්ගේ චෙයාමන් ශීට් එකට ඉස්සරහින් තිබ්බ ශීට්ස් දෙකෙන් එක්ක නිත්‍යා ඉදගෙන හිටියේ. සුහෝ කපටි හිනාවක් එක්කන් නිත්‍යාගේ එහා පැත්තේ ශීට් එකෙන් ඉදගත්තා..

ඕහ් නිත්‍යා ඉදගන්න අනේ. මන් ආවේ ඔයාව බලලා යන්නමයි

නිත්‍යා එයාගෙ වෙව්ලන ඇගිලි එකිනෙකට තෙරපද්දි සුහෝ එයාගේ අතේ ඇගිලි නිත්‍යාගේ මූනේ ඉදන් බෙල්ලට අරගෙන එද්දිම ජිමින් රූම් එකේ දොරත් ඇරගෙන ආවා..

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now