INSANE-03🌸

1.4K 337 28
                                    

3

කොල්ලෝ තුන කිසිම බයක් සැකයක් නැතුව කම්පැනි එක ඇතුලට යද්දි කෙල්ලත් තමන්ගේ බෑග් එක අතට හිර කරගෙන හිමින් පස්සෙන් ගියා.

ජිමින් කෙලින්ම කම්පැනි එකේ චෙයාමන් ඔෆිස් එකට ගියේ අනිත් තුන් දෙනත් එද්දිමයි. ඒ අතර ජිමින් නිත්‍යා දිහාවට අත දික් කරේ නිත්‍යාගේ අතේ තිබ්බ කම්පැනි එක ලිව්ව ඇග්‍රිමන්ට්ස් තියන ෆයිල් එක ඉල්ලගන්න.

දිස් ඊස්

ජිමින් මන්...මන් කතා කරන්නම් ටිකක් ඉන්න

ඔෆිස් රූම් එකේ චෙයාමන් ශීට් එකේ ඉදගෙන හිටිය සුදු උස ලස්සන පිරිමි රුව දිහා බලාගෙන නිත්‍යා ජිමින්ට කිව්වේ හිමීට. ජිමින්ගේ ඇස් වල ලොකු තරහක් තිබ්බා.

ඒත් ජිමින් නිත්‍යාට කතා කරන්න අවස්තාව දීලා සාක්කුවට අත් දෙකත් දාගෙන හිටගෙන ඉද්දි එතනට දොර ඇරගෙන හොබී වගේම සුගාත් ආවා.

සුහෝ මේ කම්පැනි එක තව දුරටත් මගේ නෙවේ. ඔයා ඔතනින් නැගිට්ටොත් හොදයි සුහෝ. මේ තියෙන්නේ ඩොකියුමන්ට්ස් ඔයාට සැකයිනම් චෙක් කරන්න

නිත්‍යා දිහා ඒ කොල්ලා බලන් ඉන්න බැල්ම ජේකේගේ ඇස් වලට විතරක් නෙවේ ජිමින්ගේ ඇස් වලටත් අහු උනා. ඒත් දෙන්නම සංසුන්ව හිටියේ ඇග ඇතුලේ ලොකු කලබලයක් කැලතෙද්දි.

සුහෝ ඩොකියුමන්ට්ස් ටික බලලා නැගිට්ටේ පුටුව වේගෙන් පස්සට කරලා. ඒ වේගෙට චෙයාමන් ටේබල් එකේ තිබ්බ වතුර වීදුරුව බිදිලා ගිය සද්දෙට නිත්‍යා ගැස්සුනා.

තමුසේ කොහොමද මෙහෙම කරේ? මගෙන් අහන්නේවත් නැතුව තමුසේ කොහොමද මෙහෙම කරේ ඕයි!

නිත්‍යාගේ ඇස් වලින් දැනටමත් කදුලු වැටුනා. ඒත් කෙල්ල සුහෝගේ මුන දිහා කෙලින්ම බලාගෙන හිටියා. සුහෝගේ කටේ සද්දෙට නිත්‍යා ගැස්සුනත් සුහෝගේ ඇස් දිහාම කෙල්ල බලාගෙන හිටියා.

කෙල්ලගේ ඔලුව ඇතුලෙන් ලොකු බයක් ඇති වේගෙන එද්දිත් නිත්‍යා සුහෝ දිහාම බලාගෙන හිටියා.

ම..මට අයිතිය තියනවා සුහෝ මොකද මේක මගේ කම්පැනි එක

කොහේන්වත් බලාපොරොත්තු නොවුන සැර කම්මුල් පාරක් නිත්‍යාට වැදුනේ සුහෝගෙන්. වැටෙන්න ගිය නිත්‍යාව තද කරලා ජේකේ අල්ලගද්දි ජිමින්ගෙන් ලැබුන ඒ වගේම වැර කම්මුල් පාරකින් සුහෝ පිටිපස්සට වැටුනා.

THE INSANE || PJM FF || COMPLETEDTempat cerita menjadi hidup. Temukan sekarang