02- නහර කාරයෙක්ද කොහෙද?

503 99 46
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා.  ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා.  මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

මම හිටියේ ජනේලයෙන් අයිනේ සීට් එක්ක.. අම්මායී අක්කයී ඉස්සරහ වාඩි වෙලා.. අක්කා අම්මගේ උරහිසින් ඔලුව තියාගන නිදි.. පව් අක්කාට දුක ඇති අම්මා දාලා ගිහින් ඉන්න..

ඔව් මටත් දුකයී.. අක්කා තනියම නිදාගත්තා උනත් මන් නිදාගත්තෙත් අම්මා ගාව.. දැන් අම්මාගේ සුවඳවත් නැතිව ඉද්දී මට ගොඩක් පාලු දැනෙයී.. ඒත් මටත් අම්මාගේ උරහිසින් ඔලුව තියාගන්න තිබුණා නම්.. හ්ම්ම් කමක් නෑ..

අපි හිටියේ සෝල් වලට යන ගමන් අද ඉරිදා.. උදෙන්ම අපි ආවේ අපේ අපාර්ට්මන්ට් එක අස් පස් කරලා හෙට කැම්පස් එකටයන්න ඕන නිසා. ඇරත් මන් හෙට පාර්ට් ටයිම් එකටත් ගිහින් එද්දී ඕක අස්කරන්න මට වෙලාවක් නැති වෙයී.. අනික අක්කාටත් පාඩම් වැඩ නිසා එයා කොහොමත් කරන්නේ නෑ..

උදේ දහය විතර වෙද්දී අපි නවතින තැනට ආවා.. එදා අපි එද්දී තිබ්බට වඩා නම් යම් අලුත්වැඩියාවක් කරලා තිබුණා.. පුටු සෙටියක් පොඩි කෑම මේසයක් එක්ක සාලය නම් තිබුණා හුරුබුහුටියට.. ඈතින් පේන බිල්ඩින් එහෙමත් හොඳට පේනවා.. අපිට මහ ලොකු දේවල් කරන්න බෑනේ.. ඒත් අජුම්මා අපේ ගෙදරට අවශ්‍ය පුංචි පුංචි බඩු ගෙනත් තිබුණ.. අනික ලා දම් පාටින් ගාපු තීන්ත නිසා ගෙදර හරිම නැවුම් බවක් තිබුණා.

ඊළඟ යුද්ධේ කාමරේ තෝරගන්න එක.. ඒකත් අක්කා තෝරගත්තට පස්සේ මන් අනිත් එකට යනවා.. ප්‍රශ්න ඉවරනේ එතකොට.. කොහොම හරි අක්කා ටිකක් ලොකු කාමරේ ගත්තා. ඒකේ තිබුණ ඇඳත් ටිකක් ලොකුයි මන් හිතන්නේ.. අක්කා මහන්සි වෙන නිසා එයාට කරදරයක් නැතුව නිදාගන්න ලැබෙන එක ගොඩක් හොඳයී.. මේසෙයි ඇඳයි පුංචි කණ්නාඩි මේසෙයි අපි දෙන්නටම අජුම්මා දාලා තිබුණා..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now