07 - දුර්වල , දුප්පත් මම

373 93 48
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා.  ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා.  මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

දැන් රෑ දෙකටත් ළඟයී.. ඒත් මන් ඉන්නේ මේ සිහියෙන් නෙමේ.. මට තේරෙන්නේ නෑ.. මන් මොකක්ද කරන්න ඕන කියලා.. මන් අඬනවා ඔව්.. මන් ඒක විතරයි දැන් සෑහෙන වෙලාවක ඉඳන් කරන්නෙ.. මගේ අත හොඳටම සීතලයී.. මට කාව හරි බදාගන අඬන්න පුළුවන්..

හැම දේම නැති උනා වගේ මට දැනෙන්නේ.. ජීවිතයට බලාපොරොත්තුවක් ඕන..

ඔව් මන් උදේට ඇහැරෙන්නේ..

අද එයාගේ හිනාව බලනවා

අද එයා එක්ක කතා කරනවා..

අද විහිළුවක් කරලා බලනවා..

අද පොඩි රණ්ඩුවක් අල්ලනවා..

ජිමිනා එක්ක පොඩ්ඩක් ඉඳලා බලනවා එයාට ඊරිසියා හිතෙනවද කියලා..

අද මන් එයාගේ ගාවින් වාඩි වෙනවා.

එයාගෙන් පුංචිම හරි අවධානයක් ලබන්න මන් හැමදාමත් බලාපොරොත්තු තියාගන වැඩ කලේ.. එයාගේ ආදරය විඳින්න බලාගන මන් ජීවත් උනේ.. අද හෙටම නැතත් ඒ වෙනුවෙන් මන් බලාන් ඉන්න සූදානමින් හිටියේ..

ඇත්තටම ආදරෙයි නම් ලබාගන්න ඕනද.. ඇයි මට ලැබීමක් නැත්තේ.. මන් දුන්න ආදරය හරියට ගහක පිපෙන මලක් වගේ.. ආදරය වැඩි නිසාම කඩලා ලඟට අරගන්න බයයී.. මාව නොගැලපෙයි මන් කැතයී ඔව් ඒ හැම බයක්ම ඔයාට මගේ ආදරය දැනෙන්න දෙන එක වැලැක්වුවා.. ඇත්තටම මන් හිතන්නේ ඒ වැළැක්වීම හරි.. මොකද ඔයා විශ්වාස කලේ නෑ ඒ මගේ අක්කා කියලත්.. මොකද එයා ඒ තරම් ලස්සනයි කිව්වා..

කොහොම කියන්නද.. මට ඕන ඔයාගේ සතුට විතරයි.. ඒත් ඒ සතුට මට මෙහෙම දුකක් ගේනවා කියලා මන් දැනගත්තේ ඔයාගෙන්.. මට ඕන උනේ ඔයාගේ සතුට දුක ඒ හැම දේකදිම ඔයාගේ පිටිපස්සේන් ඉඳන් ඔයාට ශක්තියක් වෙන්න... ඒත් මට දැනෙන්නේ මන් දුර්වල වෙලා කියලා..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now