19 - අහිංසකම හීනය මින්හී ( අවසානය )

547 99 38
                                    

" නොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම
       ඔබත්
                  ඇයත්
                                අතර දෝලනය විය...

අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී...

🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼


ඔප්පා.. සමාවෙන්න ඒත් මන් ඔයාට ඇත්තම කියන්නම්.. මට මේ ලෝකේ වටිනම කෙනාව තියලා යන්න පුළුවන් විශ්වාසවන්‍තම කෙනා ඔයා.. මතකද දවසක් ඔයා මට ඔයාගේ ජීවිත කතාව කිව්වා.. බස් හෝල්ට් එක්ක.  එදා මට ඕන උනා ඔයාට සැනසීමක් වගේම හොඳ යාලුවෙක් වෙන්න.. මන් හිතනවා මන් එහෙම වෙන්න ඇති කියලා..

ඔව්.. මගේ සැනසීම.. අද කොහෙන්වත් හොයාගන්න නෑ මින්හී.. මොකද ඒකත් අරන්ම ඔයා ගොඩක් ඈතකට ගිහින්.. මටවත් ෂින්හිටවත් පුංචි ම අඩුපාඩුවක් වත් වෙන්න නොදී අපිව සනසපු ඔයා අද තනියම දිග ගමනක් ගිහින්.. ආයේ නොයෙන්නම.. ඉතිං තවත් මට සැනසීමක් තියෙයිද..

මට හැම මොහොතකම ඕන උනේ ඔය දෙන්නාගේ ආදරය ලස්සනට ගලාගන යනවා දකින්න.. සමහරවිට මාව ඔයාලට වදයක් වෙන්නත් ඇති.. දැන් ප්‍රශ්නයක් නෑ... දෙයියනේ කියලා ඔන්න මමත් පිරිමි දෙයියෙක්වම සෙට් කරගන්න හිතාගන දිව්‍යලෝකයටම යන්න හදන්නේ..

කවදාවත් නෑ මින්හී.. මට කවදාවත් ඔයා වදයක් නෙමේ.. මෙච්චර ලෙඩ වෙලා ඉද්දිත් අපිව හිනාව කින් පිනවන්න ඔයා හැම දේම කැප කලා.. ඔයා එහෙමයී.. ඔයා වගේ අය හරි අල්පයි.. මමත් ඒ අගය නොදැන හිටිය එක පව්කාරයෙක් වෙලා...

මතක තියාගන්න.. ඔයා ශක්තිමත් වෙන්න ඕන.. මොකද අම්මා කොහේ හරි ඉඳන් ඔයා දිහා බලාගන ඇත්තේ.. ඒ වගේම අද ඉඳන් මාත් අම්මා ගාව ඉඳන්ම ඔයාලා දිහා බලාගන ඉන්නම්.. ශක්තිමත් වෙන්න.  ඒ වගේම පරිස්සමෙන් ඉන්න.. යන්න යන මන් ගැන හිතන්න එපා.. ඉන්න හැමෝම වෙනුවෙන් ශක්තිමත්ව පරිස්සමෙන් ජීවත් වෙන්න.. ඒ වගේම අනිවාර්යයෙන්ම ලොකු ඩොක්ටර් කෙනෙක් වෙන්න.. හැබැයි ළමා වෛද්‍යවරයක් නම් වෙන්න එපා.. එන ළමයි බයටම අසනීප වෙයී..

ඉල්ලීමක් කරන්නම්.. එකම මොහොතක හරි තනි කමක් දැනුනොත් මතක් කරන්න මාව.. මොකද වලාකුලකට වැහිලා ගියත් තරුවක් වෙලා හරි මන් ඔයාගේ තනි මකනවා.. ජීවිතය හිස් කියලා හිතන්න එපා.. මොකද හිස් හැඟීම් නෑ.. අපි අපේ හැඟීම් තේරුම් ගත්තා නම්..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now