නොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම
ඔබත්
ඇයත්
අතර දෝලනය විය...අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී...
🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼
" මොනවා හරි අරන් දෙන්නද... ම්ම්.."
" ඔහ්.. අයිස්ක්‍රීම් එකක් අරන් දෙනෝද?? "
ආහ් මේ කෙල්ල හුරතල්.. ඇස් දිලිසෙනවා..
" හරි මන් අරන් දෙන්නම්.. කෝ දෙන්න අත.."
ඔව්.. එතකොට ඒ පුංචි අත මගේ අත් වල පැටලුනා..
" යුන්ගී ඔප්පා.. "
" ම්ම්ම්.. "
" ඔයා කැමතිද හැමදාමත් මාත් ඒක්ක මේ විදියට අත් අල්ලගන යන්න... "
" ඔව්.. මන් කැමතී මගේ පුංචි හුරතලේ "
" මට සමාවෙන්න "
" ඒත් ඇයි... "
" මන් යන්න ඕන... "
" කොහෙද ?? මින්හී ඔහොම ඉන්න.. දුවන්න එපා.. ඉන්න.. මින්හී නවතින්න.. මින්හී!!!!!!!!"
දෙවියනේ ඒක ඒක හීනයක්.. මින්හී ඔයා මොකක්ද මට මේ කලේ.. අදට ඔයා අපෙන් ඈත් වෙලා මාසයක්.. ඔයා හැමදාමත් ජිමින්ට ලියුම් එවලා ඔයා හොඳින් කියලා කියනවලූ.. ඒත් ඔයා එදා උදේ ගෙදරින් ගිය දවසේ ඉඳන් මේ මට නින්දක් නොතිබුණු තරම්.. අදට මාස දෙකක්..
ඔයා එක්ක තවත් හීනයක්.. හීනෙන් හරි මන් ගාවට එන්න ඔයාට මන් මෙච්චර බැඳිලද කියලා මටම විශ්වාස කරන්න බැ මින්හී.. හිත හරිම වෙහෙසයී.. දැන් පාන්දර පහටත් කිට්ටුයි.. මන් දන්නවා දැන් ආපහු මට නින්ද යන්නේ නෑ.. ඔම්මා.. ඔයාට ඇහෙනවද.. කවදාවත් නැතුව මගේ හිත හරිම හිස් ඔම්මා..
මින්හී කියන්නේ කව්ද කියන්න අදටත් මට හිතාගන්න බෑ.. අහම්බෙන් හම්බුන අදටත් අත ඇරගන්න බැරි නොදන්න හැඟීමක්.. මන් කල්පනා කර කර ඉද්දි ජිමින් නැඟිටිනවා මට ඇහුනා..
" හ්‍යුන්ග් අදත් නිදි නැද්ද.. "
" හ්ම්ම්.. ජිමිනා ඊයේ මින්හී එවපු ලියුමෙත් මට කියන්න කියලා මුකුත් තිබුණේ නැද්ද.. "
YOU ARE READING
SPIRIT OF LOVE [ Completed ] | MYG FF|🌼🌼
Fanfictionනොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී... 🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼 Story Cover by @hosophile ❤️