ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..
එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..
එදා මන් ප්‍රාර්ථනා කලා. ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..~ ඔයාගේ මින්හී~
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
" මින්හී ඔයාට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ.. ආහ්.. පිස්සුද.. කියනවා.. "
" මේ අහන්න ජිමින් ඔයාම දන්නවා මේවට වියදම් කරන්න අපිට සල්ලි නෑ.. ඒ වගේම කාටවත් බරක් වෙන්න මට ඕනත් නෑ.. ප්ලීස්.."
කොච්චර හිත රිදුනත් ඇත්ත මේකයි ජිමින්.. වියදම් කරලා රැකගන්න මට මේ ජීවිතයේ දැන් උවමනාවක් නෑ.. මෝඩ විදියට මන් මේ ජීවිතය අත අරින්න හිත හදාගන ඉන්නේ.. ඔයත්ලන් වෙලා යන්න යන ගමන මට අමාරු කරන්න එපා..
කිසිම දෙයක් නොකියා ජිමින් අහක බලාගන ලොකු හුස්ම පිටකරනවා.. ඔව් එයා මගෙන් පිට කරන්න බැරි කේන්තිය ඉවසගන ඉන්නවා..
ඔය වෙලාවෙදි මගේ phone එක රින්ග් උනා.. මම වගේම ජිම්න් මගේ අතේ තිබුණ phone එක දිහා බලද්දි ගන්නේ යුන්ගි ඔප්පා කියලා දැක්ක ගමන් මට කියාගන්න බැරි හැඟීමක් මාව වෙලාවගත්‍තා.. මටත් මේ මොහොතේ ඕනම උන කෙනා.. එයා මට ගද්දී මට සතුටටම කඳුලු අතරින් හිනාවක් ගියා..
" යෙබසයෝ "
" මින්හී කොහෙද ඉන්නේ.. "
" අහ්.. ඔප්පා මේ මන් මේ.. පොඩ්ඩක් එලියට ආවා.. "
" අහ් එහෙනම් හොඳයි.. මේන් ස්ට්‍රීට් එකේ කොෆි ෂොප් එක ගාවදි තව පැය භාගෙකින් විතර හම්බෙමුද.. "
" අහ්.. දේ ඔප්පා මන් එන්නම්.. අනිවාර්යයෙන්ම"
Phone තියලා මන් ඉස්සරහ බලද්දි ජිමින් කිසිම හැඟීමක් නැතුව මන් දිහා බලාගන හිටියේ..
YOU ARE READING
SPIRIT OF LOVE [ Completed ] | MYG FF|🌼🌼
Fanfictionනොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී... 🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼 Story Cover by @hosophile ❤️