අහසේ පෑයූ තරු ගොන්න මැද
සුන්දරම වූ පුන් සඳ...අවැසි වූවා පුංචියට වුද
බැබලෙන්නට ඔබ අසලම...දන්නේ නැතුවම යන්න වූවද
ඔබ බැබලෙන්න නොවැරදිවම...පායා ඇත තවත් තරු පොකුරු
බැබලෙන්න ඔබ අසලම...ඉතිං අවසර කඩා හැලීමට දෙන්න අවසර
ආයේ එනතුරු දවසක ඔබ අසලම පායන්නට...~කරදරකාර නංගී මින්හී~
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
එදා පාර්ටි එක ඉවර වෙලා නංගිව හෙව්වත් හිටපු නැති නිසා කෝල් කරන්න හදද්දී තමා මන් මැසේජ් එක දැක්කේ.. එයා ගෙදර ගිහින් කියලා.. ඒ නිසා මන් ඔප්පා එක්කම ගෙදරට ඇවිත් වොෂ් දාලා නිදාගන්න යද්දිත් නංගී නිදි..
උදේ ඇහැරිලා මායි ඔප්පයි කෑම කන්න හදද්දී නංගී කෑම හදලා තිබුණා උනත් උදේ ඉඳන්ම මන් එයාව දැක්කේ නෑ.. කොහොමත් එවෙලේ තිබුණ බඩගින්න නිසා අපි දෙන්නම ඒ ගැන වැඩිය නොහිතාකෑම කෑවා.. ඒත් ටික වෙලාවකින් අපේ ගෙදර දොරට හයියෙන් කව්රුහරි තට්ටු කරපු නිසා කන එකත් නවත්තලා අපි දෙන්නම දොර අරින්න ගියා.. එදා ඒ ආවේ ජිමින්.. ජිමින් හිටියේ රතු වෙලා.. එයා වෙවුලන ගමන් කතා කලේ.. ඇහුවේ මින්හී කෝ කියලා විතරයි..
" ම්.. මින්හී කෝ.. "
" අපිත් දන්නේ නෑ.. කොහේ ගිහින් මන්දා.."
" මින්හී මින්හී.. එලියට එනවා කොටට කොටේ ඉන්න මෝඩි.. මෙහෙම ලියුම් දීලා ඔයා යන්න හිතනවා නම් ඔයාව මන් ඉතුරු කරන්නේ නෑ.."
" ජිමින් මින්හී උදේ ඉඳන් අපිත් බැලුවා.. බලලා තමා අපි මේ කන්න ගත්තේ.. "
" ෂා.. ශෝක් අක්කෙකුයි අයියෙකුයිනේ මින්හිට ඉන්නේ.. මින්හිම හදලා ගියපු කෑම හොඳට කනවා.. අඩුම ඒ අහිංසක කෙල්ල කාලද කියලාවත් බැලුවද ඒ දෙන්නා.. අහ්.. එයාගේ ඇඳුම් තියනවද කියලා බැලුවද.. කියනවා හ්‍යුන්ග් කියනවා.. "
" ජිමින් ඔප්පව අත අරින්න "
ඔව්.. ජිමින් කේන්තියකින් ඒ වෙලාවේ ඔප්පගේ කොලර් එකෙන් අල්ලගන අඬ අඬම කෑ ගගහා කතා කලේ..
YOU ARE READING
SPIRIT OF LOVE [ Completed ] | MYG FF|🌼🌼
Fanfictionනොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී... 🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼 Story Cover by @hosophile ❤️