04 - සොම්බි මම

410 94 36
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා. ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼




" හ්ම්ම්.. සම්බෙන්නෙම් කියන්න ඕන නෑ.. මන් යනවා හෙට හම්බෙමූ.. "

එහෙම නේද කිව්වේ.. ඒක නම් පිස්සුවක් වගේ.. මට හිනා යනවා.. කටහඬ හරිම ගොරෝසුයී.. දෙයියනේ කෙල්ලෝ මෙයාගේ කටහඬටම වෙන්න ඇති පස්සෙන් එන්නේ..

දැන් රෑ.. මන් මේ ගෙදරට යන ගමන්. හිතුව තරම් ලේසි නෑ.. ඇඟට හරිම අමාරුයි.. පණ්ඩිත කමට හම්බකර කර ඉගෙනගන්නම් කිව්වට මන් දන්නවා මේක ලේසි නම් නෑ.. කොහොමද පාඩමක් වත් කරන්නේ.. ඒත් මොනවා කරන්නද..

ඇවිදගනම ආපු මම මන් ගාව තියෙන යතුරෙන් දොරත් ඇරන් එද්දී අක්කාගේ කාමරේ දොර වහලා තිබුණේ.. සමහරවිට පාඩම් කරනවා ඇති.. නැත්නම් නිදි ඇති දැන් පාන්දර 2ත් වෙලානේ.. මම අක්කට කරදර නොකරම වොෂ් දාගන ඇඳට පැන්නේ උදෙන්ම නැඟිටින්න ඕන නිසා..

සමහර නිදිමතවල් තියෙනවා නින්ද යනවද මැරෙනවද කියලා හිතාගන්න බැරි නින්දවල්.. මන් හිතන්නේ මේකත් එහෙම එකක්.. එලාම් එකේ සද්දෙට ඇහැරුනත් නින්දේ මදි කම නිසා ඇස් දැවිල්ලයී.. අනික කම්මැලී.. තව නිදාගන්නමයී හිතෙන්නේ.. ඒත් බෑ.. අද යුන්ගී ඔප්පාව හම්බෙනවා.. නැගිටපන් මින්හියා..

අම්මෝ මට ඒක මතක් උනා විතරයී අමාරු කොහෙන් ගියාද නෑ.. දඩ බඩ ගාලා පහලට ගිහින් කිම්චි ටිකක් අජුම්මාගෙන් ඉල්ලගන අක්කාටයී මටයී කිම්චි රයිස් හදලා බිත්තර ඔම්ලට් දෙකක් හදලා මන් තේ හද හද ඉද්දී අක්කා ආවා.. අක්කාට තේක දීලා මන් වොෂ් දාන්න දිව්වේ මට විනාඩියක්වත් අපතේ යැවීමේ උවමනාවක් නැති නිසා..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now