17 - මට කියන්න කියලා මුකුත්ම කිව්වේ නැද්ද ජිමින් 💔

366 103 28
                                    

යන්නට පෙර මොහොතක්..
හැකි නම් හිඳින්නට තවත්..
අපි හිනැහේවී තවත්..

තෙරක් නොපෙනෙන මාවතක්..
ඔයත් මමත්...
ඉතිං හිනැහේවිද අපි තවත්..

තනිකමක් විතරක් ඇති මමත්...
ආදරය පමණක් දුන් නුඹත්...
ගැලපෙන්නේ නෑ තවත්...

ආත්ම සහකාරයෙකුට ආදරෙන් ලියමි❤️

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

" මට ආදරය කරන්න මින්හී.. ඊළඟ ආත්මයක ඉපදුනොත් මගේ ආදරය වෙන්න මැණික.. ප්ලීස්.. "

මට වාවගන්න බෑ.. මාත් පිරිමියෙක්.. මන් ඔය ඇස් දැක්ක දවසේ ඉඳන් ඔයාගෙන් ආදරය බලාපොරොත්තු උනා.. ඒත් අපේ හිත් තෝරගත්තේ අපිව නෙමේ..  මගේ හිතේ සේහා ගැන ගෞරවයක් තියනවා අදටත්.. ඒත්.. ඔය අහිංසක හිතට මන් ගොඩක් ආදරෙයි මින්හී..

සේහාව මට මුලින්ම හම්බුනේ ඔයාව සුපර්මාර්කට් එකට ඇරලවලා එන දවසක. ආකර්ශනයක් එක්ක මන් ඒ හිතට බැඳුනා.. ඒත් මගේ හිත හිස් හැඟීමක් එක්ක අතරමං වෙලා තිබුණා මින්හී.. සමහරවිට මන් ඔයාට ආදරය කරන්න ඇති.. ඒත් අපි අපිටම ආවේණික උන බැඳීමක් හදාගත්තා.. මන් දන්නේ නෑ.. මට මුකුත් තේරෙන්නෙත් නෑ.. ඒත් මන් ඔයාට ආදරෙයි..

මින්හී කියන්නේ හුරුබුහුටි හුරතල් ගෑණු ලමයෙක්... මින්හිට ඕන උනේ හැම මොහොතකම අනිත් කෙනාගේ සතුට.. කැප කරන්න පුළුවන් හැමදේම උනත් කැප කරයි අනිත් කෙනා වෙනුවෙන්.. කවදාවත් මේකෙන් මට රිදෙනවා නෙද කියලා මින්හී හිතුවේ නෑ.. හැබැයි මන් මෙහෙම කලොත් එයා සතුටු වෙයි නේද කියලා එයා හිතුවා. 

එදා කොන්සර්ට් එක දවසේ ලස්සන සුදුපාට ගවුමක් ඇඳලා හිටපු ඔයා හරියට සුරංගනාවියක් වගේ.. මින්හී හරිම නිශ්ශබ්දයි ප්‍රශ්නයක් හිතේ තියෙන මොහොතක.. ඒත් එයා ගුප්ත නෑ.. හැමෝටම ආදරණීය කෙනෙක්.. ඒ නිසාම ඉක්මනට හිත රිද්ද ගන්නවා.. මොකද එයා හැමෝටම මහ මෙරක් තරම් ආදරෙයි.. ඉතිං පුංචිම දෙයක් ඇති හිත රිදෙන්න..

දවස් දෙකක් මන් ඇස් දෙකෙන් දැක්කා යුන්ගි හ්‍යුන්ග් ෂින්හිව සිපගන්නවා එයා බලාන් ඉන්නවා.. මුලින්ම මන් එයාට බැනලා ආවත් දෙවෙනි වතාවේ මට එයාට බනින්න බැරි උනා.. ඉතිං මන් ඔයාව වැලදගත්තා මින්හී.. පුංචි එකෙක් වගේ ඇඬුවේ.. ඒත් මට එයා ඕන කියලා එයා කවදාවත් කිව්වේ නෑ..

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now