යන්නට පෙර මොහොතක්..
හැකි නම් හිඳින්නට තවත්..
අපි හිනැහේවී තවත්..තෙරක් නොපෙනෙන මාවතක්..
ඔයත් මමත්...
ඉතිං හිනැහේවිද අපි තවත්..තනිකමක් විතරක් ඇති මමත්...
ආදරය පමණක් දුන් නුඹත්...
ගැලපෙන්නේ නෑ තවත්...ආත්ම සහකාරයෙකුට ආදරෙන් ලියමි❤️
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
අද වැස්ස දවසක්.. ජීවිතයේ නොහිතපු ගොඩක් දේවල් දරාගන ඉඳලා තනි උන හවසක්.. මීට සතියකට කලින් ඉඳන් හිස් උන හැඟීම් මන් ඔයා එක්කම වචන කරන්නම් මින්හී..
ඔව්.. බෝඩිමේ කාමරයට ඇවිත් මම මින්හිගේ අවසාන ලියුමත් අරන් ඇඳේ වට්ටමට හේත්තු උනා.. ජිමින් ඔව්.. මම ජිමින්.. නොදන්න බැඳීමක හිර වුන කෙනෙක් මම.. අන්තිමට උත්තර නොදීම ඔයා යන්න ගියා..
වසන්තයක් ජීවිතයේ අපි කාටවත් ලේසියකට ලැබෙන්නේ නෑ.. ඔව්.. ඒත් මගේ මින්හිට වසන්තය දකින්නවත් බැරි උනා.. මන් උත්සාහ කලා මින්හී ඔයාට වසන්තය වෙන්න.. ඒත් ඔයා ඇබ්බැහි උනේ සීතලට.. ඔව්.. සීතලට අපි ගුලි වෙනවා.. ඔයත් ඒ ප්‍රශ්න ඇතුලේ ගුලි උනා.. කව්රුත් තුරුල් වෙන්න නැති තැන ඔයා ගුලි උනා..
හොඳයි... ඔයා අන්තිමට මන් වෙනුවෙන් ලියපු වචන මන් කියවන්නම්. අපේ මතකයන් එක්කම.. මින්හී.. මට ඔයාව ගොඩක් මතක් වෙනවා... ඔයාට තව ටිකක් ඉන්න බැරි උනාද..
මේ කඳුලු.. ඒවා නවත්තගන්න බෑ මින්හී.. ඔයායි වැරදිකාරයා ඔයා නිසයි මේ ඔක්කොම.. ඇයි හැම දුකක්ම ඔයාටම තියාගන සතුට විතරක් අපිට දීලා යන්න ගියේ.. ඔයා මහ කොට මෝඩියෙක්.. ඔව්... කොටම කොට මෝඩ ගහක්.. මන් පටන් ගන්නවා.."යන්නට පෙර මොහොතක්.."
ඔව්.. මන් දන්නවා හැම මොහොතකම ඔයාට ඕන උනා ඉන්න.."හැකි නම් හිඳින්නට තවත්.."
එහෙනම් තවත් දුක් විඳී මින්හී ඔයා.. එහෙම නේද.. තවත් දුක් විඳී.. ඔව්.. එයාලා අහිංසක ඔයාව දුකෙන් පිරෙව්වා.."අපි හිනැහේවී තවත්.. "
ඔව්.. මන් දන්නවා මගේ මින්හී.. හිනාවෙනවා.. මන් දැක්ක හුරතල් ම හිනාව..
YOU ARE READING
SPIRIT OF LOVE [ Completed ] | MYG FF|🌼🌼
Fanfictionනොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම සැඟවෙමී... 🌼🌼🌼🌼🌼~මින්හී~🌼🌼🌼🌼🌼 Story Cover by @hosophile ❤️