01- මගේ කතාවට කලින්

1.1K 123 14
                                    

ජීවිතයේ අපි හැමෝම ප්‍රාර්ථනා කරන දෙවල් ලැබෙනවා නම්..

එදා මම ඉල්ලපු එක දෙයක් අද මට ලැබුණා..

එදා මන් ප්‍රාර්ථනා කලා. ඒ මම උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මගේ මතකය නැති උනා නම් කියලා..
එදා මන් ප්‍රාර්ථනා කලා. මටත් ඒ වගේම ආදරයක් ලැබුණා නම් කියලා...
එදා මන් ප්‍රාර්ථනා කලා... මාව මරණය වත් වැළඳගත්තා නම් කියලා..

~ ඔයාගේ මින්හී~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~







" අම්මේ... අම්මේ... මේ නංගීට මට පාඩුවේ ඉන්න දෙන්න කියන්නකෝ..."

" අනේ අක්කේ මන් ඔයාගේ කොණ්ඩේ නේ පීරන්නේ.. මට මෙච්චර ලස්සන කොණ්ඩයක් නෑනේ.. ඒකයී... "

" මන් කරගන්නම්.. ඔය ඊරිසියාව නිසාම මගේ කොණ්ඩේ හැලිලා යයී.. "

" අනේ අක්කේ.. කවදාවත් එපා.. ඔයා මේ කොණ්ඩේ ලස්සනට තියාගන්න.. හොඳද.. මන් ඊරිසියා කරන්නේ නෑ අනේ.. "

" හරි හරි ඇණයක් නොවී යනවකෝ..."

ෂින්හී හා මින්හී.. ඔවුන් නිවුන් සහෝදරියන් උනා.. අවුරුදු 18ක් උන තරුණ නිවුන් දූවරු දෙන්නෙක් සමඟ පිටිසර ගමක ස්වාමිපුරුෂයාත් නොමැතිව ජීවිත් උන ශක්තිමත් කාන්තාවකක් උනා ඔවුන්ගේ මව.. ඇය ජීවුන්.. තම ස්වාමිපුරුෂයාගෙ අභාවයෙන් පසු තම දරුවන් දෙදෙනාට හොඳින් අධ්‍යාපනය ලබා දී ඔවුන්ව ගුණයහපත් දරුවන් කරන්නට ඇය වෙහෙස මහන්සි උනා..

" අදත් උදෙන්ම පටන් ගත්තද අක්කා නංගී රණ්ඩුව.. "

ජීවුන් එලෙස කියමින් කුස්සියේ සිට උයන ගමන් තනිව සිනාසෙන අයුරු එවිට ඇගේ අක්කාගේ කාමරයේන් එලියට ආපු මින්හී දැක්කා..

" මොකෝ මොකෝ මේ අපේ ජීවූ කෙල්ල තනියම හිනා වෙන්නේ.. "

එහෙම කියමින් මින්හී තමන්ගේ අම්මාව පිටිපස්සෙන් වැළදගත්තා ගත්තා..

" ඔයාගේ වැඩ වලට තමා ඉතිං.. කොච්චර එපා කිව්වත් අක්කාගේ ඇඟේමනේ එල්ලෙන්නේ.. "

SPIRIT OF LOVE  [ Completed ] | MYG FF|🌼🌼Where stories live. Discover now