උඩත් වතුර යටත් වතුර....

291 44 247
                                    


Yong Di Yangs' Pov
Yoongi's Lover

මුහුදු රැල්ල එක්කම වගේ එන හුළඟ සීතල උනත් ඒවා වල ලොකු සැහැල්ලුවක් තිබුනා. සුදු පාට පෙණ පිරැනු මුහුදු රැළිවලින් මං ඇදන් හිටපු ජින්ස් එකත් පොඩ්ඩක් තෙමිලා යද්දිම වගේ මට දැනුනේ හුරැපුරැදු උණුහුමක්.

" සීතල..යි.. නේ... වාහනේට යමු... "

" තව ටිකක් ඉමුද.. යුන්ගියා... "

මං එහෙම කියනවත් එක්කම යුන්ගි මගේ ඉන වටේ තිබුන එයාගේ අත් තව හිර කරලා මගේ උරහිස උඩින් එයාගේ ඔලුව තිබ්බා. ඉබේම ආව පුංචි හිනාව එක්කම මං මගේ දකුණු අතින් එයාගේ අතක් අල්ලගෙන වම් අතින් එයාගේ සිනිඳු කොන්ඩේ ටිකක් ඇවිස්සුවා. නැත්නම් එතනත් නිදාගනි...

ටික වේලාවක් එහෙම්ම මුහුද දිහා බලන් ඉදලා අපි යුන්ගිගෙ ජිප් එක නවත්තලා තිබුන තැනට ඇවිදන් ගියේ පටලවන් හිටපු අත්වලට නිදහසක් නොදීමයි. පුංචි පුංචි දේවල්වලට හිනා වෙවි ඇවිදපු අපි දෙන්නාගේ සද්දේ අහන් ඉන්න හිටියේ හඳයි තරැයි විතරයි..

ඔව් ඉතින්.. මේ මහ රෑ දොළහටත් කිට්ටු වෙන්න බීච් එකේ ඉන්නේ කවුද මේ හරියේ...

" ආා.. මේ හොට් චොකලට් එක... බොන්න... ඔයා ඉතින් කොෆි බොන්නෑ නේ... "

යුන්ගි මාව එයාගේ White Colour Toyota Land Cruiser Prado බොනට් එක උඩින් ඉන්දවලා වාහනේ ඇතුළෙන් හොට් චොකලට් එකකුයි කෝෆි එකකුයි අරන් ආවා. හොට් චොකලට් එක මට දීලා කෝෆි එකෙන් උගුරකුත් බොන ගමන් එයා බොනට් එකට හේත්තු උනා. කලින්ට වඩා මුහුදේ ලොකු විව් එකක් දැන් අපිට පේනවා.

" ඩිලි... ඔයාට මාව විශ්වාසයි.. නේද.. අපි මේ කරන දේ... "

" මිස්ටර් මින්... මං මටත් වඩා ඔයාව විශ්වාස කරනවා කියලා දන්නවා නේද... ආ... "

යුන්ගි තොලකුත් හපාගෙන මං දිහා බලන් එහෙම කිව්වම මං එයාව නැවැත්තුවේ හිනාවකුත් එයාට දීලයි.

" ඔයාට විශ්වාසයි නේ... ආයේ හැරෙන්න ඕනේ නැතිවෙයි කියලා.. මොකද මගේ..ඩිලි අපි මෙතනින් පටන් ගත්තොත්.. ආයේ නවතින්න බෑ... කලින් වගේ ඉන්ටවර්ල් බ්‍රේක් හම්බෙන්නෙත් නෑ.... "

BANG MISSUS || OT7 || COMPLETED  Où les histoires vivent. Découvrez maintenant