හෝසෙයොක් හිටියේ මේ සතී කීපයෙ ටිකක් කාර්‍යබහුල වෙලා... ලෝක ප්‍රසිද්ධ අයිඩල් කෙනෙක් උන කිම් නම්ජුන් නැත්තං RMගෙයි හෝසෙයොක්ගෙයි අලුත්ම සෝන්ග් එකේ මියුසික් වීඩියෝ එක රිලිස් වෙන්න තව තියෙන්නේ මාසයයි...හෝසෙයොක් අදත් හිටියේ රිහසල් වල...නම්ජුන් රෙස්ට් රූම් පැත්තට ගිය නිසා හෝසෙයොක් බැක් අප් ඩාන්සර්ස්ලා එක්ක ප්‍රැක්ටිස් කලා...
"හෝප්....?"
නම්ජුන් වතුර බෝතලෙත් තුරුල් කරන් ප්‍රැක්ටිස් රූම් එකට ආවේ හෝසෙයොක්ව හොයන්...
"අන්න සුගා ඇවිත්..උබව මීට් වෙන්න...😉 "
සුගාගේ නම ඇහුනා විතරයි හෝසෙයොක්ගෙ මුහුණෙ ලස්සන හිනාවක් ඇදුනෙ ඉබේමයි...
"මං ඉක්මනට එන්නම්...උබ බලපන් පොඩ්ඩක් මෙතන..."
"හරි හරි..අන්න සුගා 5th ෆ්ලෝ කැෆටේරියා එකෙ..."
නම්ජුන් එහෙම කියාගෙන හෝසෙයොක්ගෙ පිටට තට්ටුවක් දාන් ඩාන්සර්ස්ලා ඉන්න පැත්තට යද්දි හෝසෙයොක් ප්‍රැක්ටිස් රූම් එකෙන් එලියට ඇවිත් 5th ෆ්ලෝ එකට ආවා...
"සූ...😁"
හෝසෙයොක් ඇවිත් සුගාගෙ ඉස්සරහා තිබ්බ චෙයා එකෙන් වාඩිඋනා...
"ඒන්ජල්...😉 ගොඩක් දවසකින්..."
"හ්ම්...මං හිතුවේ ඔයාට අද මගෙ ලාස්ට් ප්‍රැක්ටිස් ඩේ එක කියලා අමතක උනා කියලා...අපි යමුද ඇතුලට..."
"අහ් ඒ..න්ජල්...මේ...අද මට ඉන්න වෙන්නෙ නැ...මං මේ දැන් ආවෙත් ඔයාලගෙ බොස් එක්ක මීටින්ග් එකකට ආව ගමන්..."
"අනේ එහෙම ද..? කමක් නැ සූ..."
හෝසෙයොක් හිතන් හිටියේ වෙනදා වගෙ සුගා අද ඇවිත් තියෙන්නේ එයාගෙ ලාස්ට් රිහසල් එක බලන්න කියලා...ඒත් කවදාවත් නැතුව සුගා වෙන ගමනක් යන ගමන් ආවා කිව්වම නොපෙනෙනුවත් හෝසෙයොක්ගෙ හිත ගොඩක් රිදුනා...
"ඉතින්...කොහොමද ඔයා වැඩ සූ..අලුත් ප්‍රොජෙක්ට් එක අවුලක් නැනේ..?"
"අලුත් ? අහ් ඔව් ඔව්..අවුලක් නෑ ඒනජල්...ඒ ප්‍රශ්න ටික විසදගත්තා.."
"අහ් එහෙනම් කමක් නැ...හිත නිදහසෙ ඉන්න සූ...මං ආස නැ ඔයා ඕවා හිතලා ටෙන්ශන් ගන්නවාට..."
"එහෙම දෙයක් නැ ඒනජල්...මං මේ ඔෆිස් වැඩ ටික එක්ක පොඩ්ඩක් බිසි උනා ඒකයි..."
ට්‍රිං.....ට්‍රිං....
ටේබල් එක මත තිබ්බ ෆෝන් එක රින්ග් වෙද්දි සුගා ඉක්මනට ඒක අරන් ආන්සර් කලේ ටිකක් කලබලෙන් වගෙ...
"හ...හලෝ...අහ් කියන්න....හරි මං ඉක්මනට එන්නම්..ඕකේ....බායි..."
යුන්ගි හදිස්සියෙම ආව ඇමතුම විසන්ධි කරමින්ම නැගිට්ටෙ ටිකක් කලබලෙන්...
"ඇයි සූ..අවුලක් ද..?"
"අහ් මේ....ඒන්ජල් මට යන්න වෙනවා...ඔෆිස් එකේ එමර්ජන්සි මීටින්ග් එකක් තියෙනවා..."
"අහ් ඕකේ...පරිස්සමෙන් යන්න සූ..."
"ඔයත් ඉවරවෙලා ගිහින් මට ටෙක්ස්ට් එකක් දාන්න...
පරිස්සමෙන් ඉන්න...ලව් යූ..."සුගා කලබලෙන් හෝසෙයොක්ගෙ දෙතොල් වලට පෙක් එකක් දිලා ටේබල් එක උඩ තිබ්බ වෙහිකල් කී එකත් අරන් එල්වේටර් එක පැත්තට ගියේ හෝසෙයොක්ව කැෆටේරියා එකෙ තනි කරලා...
"ඔයාට දැන් මගෙ වටිනාකමක් නැද්ද සූ.."
හෝසෙයොක් දෑස්වලින් ගලා යන කදුලු අතරෙන් ඈත යන සුගා දිහා බලන් තමන්ටම මුමුණගත්තා...
- YO -
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Hi Diamonds 💎 ,
එයාට බිස්නස් වැඩලුනෙ..එහෙම ඇති නේද පෙන්ස්..?
🙂🙂🙂🙂🙂🙂🙂🙂
ඉක්මනට හම්බෙමු...
Bye...❤️