වසර 20 කට පසු වර්තමානය... 🥀
"ඔන්න ඕකයි අපේ අප්පාලා දෙන්නගෙයි පපාගෙයි කතාව.."
ජීහෝප් අලුත් යාලුවා එක්ක පාඩම් කරන්න කියලා කොෆි ෂොප් එකට ආවට අන්තිමට නැවතුනෙ අවුරුදු 20ක් විතර පරණ එයාගෙ අප්පාලගෙයි පපාගෙයි අතීතය ගැන කියලයි...
"ඒ කියන්නෙ ඔයා කියන විදියට ඔයාගෙ නැති උන අප්පාගෙ පෙනුමත් මං වගෙමයි.."
කතාව මුලඉදන් අගට සාවදානයෙන් අහන් හිටිය ලීසෙයොක් පුදුමයෙන් වගෙ ජීහෝප්ගෙන් එහෙම ඇහුවෙ ඇත්තටම ඒක විස්වාස කරන්න ටිකක් අපහසු දෙයක් නිසයි...
"ඔව් ලීසෙයොක්...ඔයාට විස්වාස කරන්නැත්තම් ඉන්නකො මං ඔයාට දෙයක් පෙන්නන්න.."
ජීහෝප් බෑග් එකෙ තියෙන වොලට් එකෙන් ඇදල ගත්ත ෆොටො එකක් ලීසෙයොක්ට දික්කලා..
ෆොටො එක දැක්ක ගමන් ලීසෙයොක් ඇස් දෙක ෆුට්බෝල් සයිස් කරන් ජිහොප් දෙස බැලුවෙ 'මේක ඇත්තක්මද' කියලා අහන්න වගෙ..."වට්....කොහොමද දෙයියනේ එහෙම උනෙ...එයත් තනිකරම මං වගෙ නෙ.."
"එදා ඔයා පලවෙනි පාර මාව දැක්ක බය උන එක සාදාරණයි ඉතින්... "
අමාරුවෙන් උනත් ලීසෙයොක්ට පිලිගන්න උනා ජීහෝප් කියන කතාව බොරුවක් නෙවෙයි කියලා...
"ඒක තමා මාත් කියන්නෙ...මං විතරක් නෙවෙයි අපේ ෆැමිලි එකෙ අය ඔයාව දැක්කොත් එයාලත් බයවෙනවා..මට ෂුවර්.."
ජීහොප් හිනාවෙවී ෆොටො එක පොත අස්සට දාලා ආයෙත් පුටුවට හේත්තු උනා..
"බයවෙනවටත් වඩා එයාල සප්රයිස් වෙයි...නේද..."
"ඔව් ගොඩක් සතුටු වෙයි එයාලා...අවුරුදු 20ක් ගියත් තාමත් මේක අද ඊයෙ උන දෙයක් වගෙ අප්පයි පපායි දුක්වෙනවා.."
"මේවා අහද්දි මට ආස හිතෙනවා ඔයාගෙ අප්පායි පපායි මීට් වෙන්න.."
"ම්ම්ම්...දැම්ම නෙවෙයි හැබැයි මං දවසක ඔයාව එක්කන් යන්නම්කො ගෙදර..."
ජීහොප් ලීසෙයොක්ට පිලිතුරු දුන්නෙ වේදනාව පිරුන හඩකින්...ඇත්තටම අප්පයි පපයි ලීසෙයොක්ව දැක්කා නන් ගොඩක් සතුටු වෙයි කියලා හිතුනත් පරණ අතීතය ඇදලා අරන් අප්පයි පපායි ආයෙ දුක් විදි කියලා ජීහොප්ට බයක් තිබුනා..ඒ නිසා ජීහොප් ලීසෙයොක් ගැන පවුලෙ අයට කියන්න උනන්දුවක් උන්නැ...