🥀 10 🥀

213 31 13
                                    

"ආ.....ෂ්..."

හෝසෙයොක් අපහසුවෙන් උනත් නින්දෙන් අවදිවෙන්න උත්සහා කලා..මුලු ඇගම තලලා දාලා වගෙ හෝසෙයොක්ට දැනුනෙ...

"දුක නැතිවෙන්න බිව්වට යකො උදේ නැගිටින්න ගියාම ඊටවඩා දුකක් නෙ...🤧"

හෝසෙයොක් තමන්ටම මුමුන ගනිමින් ඇදේ වාඩිවෙලා වටපිට බැලුවා..

"ගුඩ් මෝනින් මහත්තයා..."

"මතකද දන්නැනෙ ඊයෙ ආපු විදිය..😒 "

"හී..හී...ඒක තමා කූ මේ මාත් කල්පනා කරෙ..."

"කල්පනා කරන්න දෙයක් යන්කො පහලට..මං මතක් කරලා දෙන්නන් මුල ඉදන්...😒"

හෝසෙයොක් දත් සෙට් එකම පෙන්නලා හිනාවෙලා ඇදෙන් බහිද්දි ජන්කුක් අත්දෙකත් බැදන් පහලට ආවා..හෝසෙයොක් වැරැද්දක් කරපු පොඩි එකෙක් වගෙ කුරුමානන් අල්ල අල්ල ඇවිත් ජන්කුක්ගෙ ලගින්ම වාඩි උනා...

"ආ මෙන්න..."

ජන්කුක් කොෆි එක හදලා හෝසෙයොක් අතට දීල ආයෙත් අත් දෙකත් බැදගෙන හෝසෙයොක් දිහා බැලුවා...

"හෝසූ මං කොච්චර කියනවාද රෑට එලියට යද්දී ෆෝන් ඕෆ් කරන්න එපා කියල...කොච්චර කිව්වත් ඇයි ඒකම කරන්නෙ...ඊයෙ ඔයාව හොයාගන්න නැතුව අපි කොච්චර කලබල උනාද...ගාඩ්ස්ලා උබෙ ලොකේෂන් හොයාගත්තා හින්දා ඔයින් ගියා...නැත්නම් උබ කීයට හරි වෙරි හිදිලා එනකන් අපි මෙහෙ ලේ පිච්චි පිච්චි හොයන්න ඕන...පොඩ්ඩක් ඔයිට වඩා වගකීමෙන් වැඩ කරපන් හෝසූ...ප්ලීස්..මට ආයෙ කියන්න නන් තියන්න එපා.."

"සොරි කු..මට ඊයෙ පොඩ්ඩක් වැඩි උනා...ස්ට්‍රෙස් එකෙ ඉද්දි මගෙ ඔලුව පිස්සන් කොටුවක් වගෙ..මං මොනාද කරන්නෙ කියලා මටත් හිතාගන්න බැ..."

හෝසෙයෙක් දෑතින්ම මූන වහන් විනාඩි කීපයක් ඉද්දි ජන්කුක් ලගට ඇවිත් හෝසෙයොක්ගෙ හිස පිරිමැද්දා..කොච්චර වයසින් මූහුකුරා ගියත් සමහර දේවල් වලදි හෝසෙයොක් තාමත් පොඩි එකෙක් වගෙ...

"ඕව්වා හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා හෝසූ..මේ විදියට ගියොත් ඔයා ලගදිම ලෙඩෙක් වෙයි..."

"අනෙ මන්දා මට තෙරෙන්නෙ නැ.."

"තෙරෙන්නෙ නැ කියලා බෑනෙ..මං නන් කියන්නෙ උබ සුගා එක්ක මේ ගැන කතා කරපන්...ඊටපස්සෙ උබ ඩිසිෂන් එකක් ගනින්.."

LOST LOVE |•YOONMINSEOK•Where stories live. Discover now