"එහෙනන් පුතාලා ඔයාලා කතා කරන්නකෝ මං ඉක්මනට අර පැත්තේ ගෙස්ට්ලා හම්බෙලා එන්නම්.."
මිස්ට පාක් හෝසෙයොක්ට උරහිසට තට්ටුවක් දාලා ගෙස්ට්ලා හිටිය පැත්තට ගියා...මිස්ට පාක් ගියපු ගමන් හෝසෙයොක් හැරුනෙ සුගා දිහාට...
"හෝසූ...මෙතන මුකුත් කතා කරන්න එපා..ඕනම නන් රූෆ් ටොප් එකට යන්.."
ජන්කුක් හෝසෙයොක්ගෙ කනට කරලා කිව්වම හෝසෙයොක් එයට එකගවෙලා රූෆ් ටොප් එකට ගියා..
"සුගා...රූෆ් ටොප් එකට යන්.."
ජන්කුක් සුගාට වැඩිය මුහුන නොදි එහෙම කියලා හෝසෙයොක්ගෙ පස්සෙන්ම ගියා...
ජන්කුක් ජිමින් දෙන්නා පැත්තකට වෙලා බලන් ඉද්දි හෝසෙයොක් සුගා දිහා බලන් හිටියේ හරිම පිලිකුලකින්...
"මින් සුගාගෙ අලුත් ප්රොජෙක්ට් එක මේක වෙන්නැතිනේ...ලස්සනයි හැබැයි...හිතන්නේ නැතුව ඇතිනෙ හැංගි හැංගි වෙස් බැන්දට එලිපිට නටන්න වෙයි කියලා...😏"
හෝසෙයොක් සමච්චලයට වගෙ හිනාවෙලා කතා කරද්දී සුගාට පුළුවන් උනෙ නිහඩව අහන් ඉන්න විතරයි...
"සුගා හිතන්න ඇති නෙ ඔයා එකම බොරුවට එක විදියට හැඩ දාලා කියද්දි මට ඒක නොතේරෙයි කියලා...මං ඔයා හිතන තරම් මෝඩයෙක් නෙවෙයි...මං ඔයාව ආශ්රය කරන්නේ අද ඊයෙක ඉදන් නෙවෙයිනේ අවුරුදු 7ක ඉදන්..ඉතින් ඔයාගෙ බොරු , වෙනස්කම් මට නොතේරෙයි කියලා ද හිතුවේ...ඔයා හුස්ම ගන්න තාලේ වෙනස් උනත් ඒක මට අදුරගන්න පුළුවන්...ඔයා කියන බොරු මෝඩයෙක් වගෙ පිලිගත්ත එක මගෙ නොතේරුම්කම නෙවෙයි සුගා ඔයා ගැන මගෙ හිතේ තිබ්බ විස්වාසය...දවස් කීපෙක ඉදන් ඔයා ගැන මිනිස්සු එක එක දේවල් කිව්ව..මං ඒවා විස්වාස කලෙ නැ..මං විස්වාස කලේ ඔයාව...මං කැමති උනෙ නැ ඔයාව සැක කරන්න...ඇත්තටම මං කවදාවත් ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තුව උනෙ නැ සුගා..."
"අනේ ඒන්ජල් 😔"
"වචනයක්වත් කියන්න එපා සුගා...ඔයාට මං හැමදාම කතා කරන්න අවස්ථාව දුන්නා..ඒත් ඔයාට කියන්න ඕන උනෙ නෑනෙ...අද මායි කතා කරන්නේ..."
"මං දන්නවා හැමොටම නිදහස තියෙනවා තමන් කැමති කෙනෙක්ට ආදරේ කරන්න...ඒක ඔයාටත් එහෙමයි...හැබැයි ඔයාට එකපාරක් මට කියන්න තිබ්බ ඔයාගෙ හිතෙ වෙන කෙනෙක් ගැන හැගීමක් තියෙනවා කියලා...ඒත් ඔයා කිව්වෙ නැ ඒ ඔයාගෙ හිතේ තියෙන කපටිකම නේ..නෙද..? වෙනදා මං එක්ක වේගාස් යන ඔයා අද බිසී කිව්වා..පාටි එකටත් අද එන්නෙ නැ කියලා ඔයා ඔයාගේ බෝයිෆ්රෙන්ඩ් එක්ක මෙතන...ඔයා මට කොච්චර බොරු කරන්න පුරුදු වෙලාද සුගා...හැමවෙලේම යාලුවො වගෙ හිටිය ඔයා අද මාව රැවැට්ටුවා..."
