නිදිමතයි කියලා කට්ටිය මගැරලා රූම් එකට ඇවිත් ඇදට වැටුනත් නින්ද හෝසෙයොක්ගෙ දෑස් මානෙකවත් තිබුනෙ නැ...ඒ නිසා හෝසෙයොක් ඇදෙන් නැගිටල ඇවිත් එයාගෙ ට්රැවලින් බෑග් එකේ තිබ්බ බියර් කෑන් දෙකෙන් එකක් අරන් ඇවිත් ඇද ඉස්සරහා තිබ්බ සෝෆා එකෙන් වාඩිඋනා...වෙනද වගෙම එතන වින්ඩෝ ග්ලාස් එකෙන් හරි ලස්සනට අහස පේනවා...අද පුරහද පායලා නිසා අහස තවත් ලස්සනයි...හෝසෙයොක් බියර් කෑන් එක තොලගාමින් පුරහද දෙස බලන් හිටියේ හරිම හිස් විදියට...
"ඔයත් හරියට දැන් හද වගෙ සුගා...පොඩි කාලෙ හද පෙන්නලා මගෙ මගෙ කියලා කිව්වට ලොකු උනාම තේරුනා හදට ලංවෙන්න පුළුවන් දුරක නෙවෙයි මං ඉන්නෙ කියලා...කොච්චර මගේ කිව්වත් හද අයිති මට නෙවෙයි අහසට කියලා දැන් මං දන්නවා..."
"ඔයත් ඒ වගෙ ඉස්සර මගෙ කියලා හිතන් හිටියට මට දැනුයි තේරෙන්නේ ඔයා අයිති මට නෙවෙයි කියලා...💔"
"ඇයි සුගා මට එහෙම කලේ...ඔයාට හිත පුරා ලෝභකමක් නැතුව ආදරේ කරපු හින්දා ද..?"
"සමහර විට මං වෑරදි ඇති...වැඩ අස්සෙ මට ඔයාව මගැරෙන්න ඇති..."
"කමක් නැ සුගා මං හැමදාමත් ආදරේයි..."
හෝසෙයොක් සෝපාවෙ හාන්සිවෙලා තමන් එක්කම හිනාවෙවි සුගාගෙ මතකාවර්ජනයෙ හිරවෙලා හිටියේ...දවස් කිපයක් ගත වෙලත් හෝසෙයොක්ට තාමත් සුගාගෙ මතකයන් අමතක කරගන්න පුළුවන් උනෙ නැ...ඒ නිසා එදායින් පස්සෙ ගෙවුනු රාත්රියක්ම නින්දක් නැති උසාවියක් වගෙ...හෝසෙයොක් හැමදාම රාත්රි උසාවියෙ නඩුකාරයා මහත්තයෙක් වගෙ තමන්ගෙන්ම ප්රශ්න කරපු එකයි ඒවට සුගාගෙ පැත්තෙන් හේතු දාලා සුගාව සාධාරණීකරණය කරපු එකයි කලේ...
"හෝසූ බබා..."
"ඔයා නිදි ද..?"
වෙන කල්පනාවක හිටිය හෝසෙයොක් දොර අසලින් ඇහුන හඩ ගැස්සිලා පියවි සිහියට ආවා...
"අහ් නැ..ඔම්මා..එන්න.."
හෝසෙයොක් ඉක්මනට අතේ තිබ්බ බියර් කෑන් එක සෝෆා එක යටින් තියලා කකුල ඒක වැහෙන විදියට තියාගත්තා...
"මොකෝ කරන්නෙ...මං හිතුවේ නිදිමතයි කියලා ආව හදිස්සියට නිදි කියලා..."