"The female Dancer of the year.......Choi Ji hoo..."
පැමිණ සිටි සියලුදෙනාගේම අත්පොලසන් මැද්දේ ජීහූ වේදිකාවට ගිහින් සම්මානය ගත්තේ හරිම ආඩම්බරයෙක්...හෝසෙයොක් නන් හිටියේ ලොකු සතුටකින් දකුණු කොරියාවට ග්රැමීවල ෆිමේල් ඩාන්සර් අවෝඩ් එකක් ලැබෙන පලමු අවස්ථාව මේක...මේ වසරේ කොරියාව නියෝජනය කරමින් ග්රැමි වලට ගියේ ජීහූ , හෝසෙයොක් දෙන්නා...ග්රැමී සම්මාන උලෙලට කොරියාවෙන් නිර්දේශ උන වසර හතරෙම කලාකරුවන් අතරේ නොකඩවා ජේහෝප් වගෙම ජීහූත් හිටියා..ඒත් ජීහූට අවෝඩ් එක ලැබුන පලවෙනි වතාව මේ...
ජීහූ අවෝඩ් එක අරන් කතා කරලා ඉවරවෙලා ඇවිත් ආයෙත් ජේහෝප් එහා පැත්තෙන් අසුන් ගත්තා..
"The Artist of the year........Jung Hoseok..."
හෝසෙයොක්ගෙ නම කියවුනා විතරයි ජන්කුක් හෝසෙයොක්ව පැනලා බදාගත්තෙ ඇස්වල සතුටු කදුලුත් තියන්...
"ගිහින් අවෝඩ් එක ගන්න.."
ජන්කුක් හෝසෙයොක්ගෙ ඈත්වෙලා පිටට තට්ටුවකුත් දාලා හෝසෙයොක්ව තල්ලු කලා...
හෝසෙයොක් අවෝඩ් එක අතට අරන් හැමොමටම ආචාර කරල මයික් එක ගාවට ආවේ හැමෝම ආස කරන එයාගෙ සන්ශයින් හිනාවත් දාන්...
"ම්ම්ම්ම්..කොතනින්ද පටන්ගන්න ඕන කියලා හිතාගන්න බෑ...මගෙ සහ මගෙ ෆෑන්ස්ලාගෙ මහන්සියෙ උත්සාහයෙ ප්රතිඵලය මේ...තුන්වෙනි වතාවටත් මේ අවොඩ් එක මට ලැබුනෙ හතරදෙනෙක් නිසා...මේ වෙලාවේ එයාලාට අනිවාර්යයෙන්ම ස්තූති කරන්න ඕන මං....එක මගෙ ෆැන්ඩම් එක 'Hopez' ලා...මට සතුටින් ඉන්න ; මං තනියෙන් වෙලා නෑ කියලා කියලා දුන්නෙ එයාලා...දෙක මගෙ ෆැමිලි එක...දුර ඉදන් එයාලා මං වෙනුවෙන් ලොකු කැපකිරීමක් කලා ;මං ශක්තිය දුන්නා..., තුන මගෙ හොදම යාලුවො දෙන්නෙක් උන සුගා සහ ජන්කුක්...; මට ආව ගොඩක් ප්රශ්න වලදි මාව ශක්තිමත් කලේ ; ඉස්සරහට මාව තල්ලු කලේ එයාලා...හතර මගෙ ඒජන්සි එක...මාව කේ පොප් වලට බිහිකරපු තැන...අවුරුදු 9ක් තිස්සෙ මගෙ ගෙදර...ඉතින්
මේ පුද්ගලයෝන්ගෙ සහයත් , මගෙ ආත්ම විශ්වාසයත් එකතුවෙලා තමා ඔයාලා හැමෝම ආදරේ කරන ජේහෝප් කියන චරිතය හැදුනේ...ඒ හැමෝටම ගොඩක් ස්තූතියි...
ඉදිරියටත් මං එක්ක ඉන්න කියලා මං ඉල්ලනවා...අවසාන වශයෙන් මං ඔයාලට කියන්නේ 'ඔබ ඔබම වෙන්න...ඔබව විස්වාස කරන්න...එතකොට ජීවිතය දිනන්න පහසු වෙයි...'....ස්තුතියි.."
![](https://img.wattpad.com/cover/309279018-288-k284337.jpg)
YOU ARE READING
LOST LOVE |•YOONMINSEOK•
Fiksi PenggemarLove makes you weak...🥀 HOSEOK × SUGA × JIMIN