🥀 11 🥀

203 28 6
                                    

"බබා..."

"ඇයි හියොන්.."

"ඔයා හිතනවද අපේ ප්ලෑන් එක වැඩ කරයි කියලා...මට බයයි.."

සුගා ඩ්‍රයිව් කරගන ගමන් එහාපැත්තෙ හිටිය ජිමින්ගෙ පුංචි අතින් අල්ලගත්තා..

"ඔයා බය නැතුව ඉන්නකො හියොන්...එයා අපිව , අපේ ආදරෙ අනිවාර්යයෙන් තේරුම් ගනී..මට ඒක විස්වාසයි...සෝ ඩෝන්ට් වොරි ලව්.."

ජිමින් සුගාගෙ අත පිරිමදිමින් හිස පිරිමැද්දේ සුගාගෙ හිත පොඩ්ඩක් හරි සන්සුන් කරන්න හිතන්..

"හ්ම් අපි බලමුකො..හෙට උදේ අලුත් බෑන්ඩ් එකෙ මෙම්බර්ස්ලව අනවුන්ස් කරයි ඔයාලට..."

"ඉක්මනට මේවා වෙන එක හොදයි හියොන්...කල් යන්න මේ ප්‍රශ්නය තව දිග්ගැස්සෙනවා.."

"ඔව්..ඒකයි මං මේක ඉක්මන් කෙරෙව්වේ..."

සුගා කාර් එක ජියෝන් කම්පනි එකෙ පාක් එකට දානගමන් කිව්වෙ ජිමිනුත් දිගු හුස්මක් අරන් තමන්වම සැහැල්ලු කරගද්දි...

"එහෙනන් යන් හියොන්.."

ජිමින් සුගාගෙ අතේ එල්ලිලා කම්පනි එක ඇතුලට ආවා...කම්පනි එක අද වෙනදට වඩා හරිම කලබලයි හරියට කඩි ගුලක් ඇවිස්සිලා වගෙ...ඒ ඇයි කියලා දැනගන්නකන් ජිමින්ගෙ හිතෙ ලොකු කුතුහලයක් තිබ්බෙ..

"හියොන් ඇයි මේ..."

"අනෙ මන්දා බබා...මටත් හිතාගන්න බැ...මිටින් එකක පාටක්වත් පේන්න නැ...ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්නකො..මං පොඩ්ඩක් බලන්න.."

සුගා ජිමින්ට රිසෙප්ෂන් ඒරියා එකෙ වාඩිවෙන්න කියලා පොඩ්ඩක් එහාට ගියෙ ජන්කුක්ව කන්ටැක් කරගන්න ට්‍රයි කරන්න...
ඒත් ජන්කුක්ගෙ ෆෝන්ස් වැඩ නොකර හින්දා සුගා කෙලින්ම රිසෙප්ෂන් එකෙ හිටිය ගර්ල් ගාවට ගියා...

"ගුඩ් ආෆ්ටර් නූන් මිස්ට මින්..."

"ගුඩ් ආෆ්ටර් නූන්...මට ගන්න පුලුවන් ද හෙට අපේ බෑන්ඩ් නේම් එනවුන්ස් කරන ෆන්ෂන් එකෙ අජෙන්ඩා එක..."

"අනේ රියලි සොරි සර්..මට සර්ට ඉන්ෆෝම් කරන්න අමතක උනා මිස්ට ජියොන් ඒක දින නියමයක් නැතුව කල් දැම්මා.."

LOST LOVE |•YOONMINSEOK•Where stories live. Discover now