🥀 9 🥀

409 56 64
                                    

"කෝ හෝසෙයොක්...?"

"මිස්ට ජියෝන්...අද මීටින්ග් එකට හෝසෙයොක්ට ඉන්න විදියක් නැහැ කිව්වා..."

"ඔහ් ඉට්ස් ඕකේ...එහෙනං අපි මීටින්ග් එක පටන්ගමු..."

ජින් , හෝසෙයොක් එන්නැ කිව්වම මිස්ට ජියොන් ටිකක් වෙලා කට්ටිය දිහා බලන් ඉදලා මිටින්ග් එක පටන්ගත්තා...

වෙනදට මිස්ට ජියොන් මෙහෙම දේකදි බැන්නත් මේ වෙලාවේ මුකුත් නොකිව්වෙ හෝසෙයොක් වේගාස් ගිහින් ආව ගමන්ම නිවාඩුවක්වත් නොගෙන මේ ටිකේ එකදිගටම වැඩ කරපු නිසා...

"මිස්ට මින් කිව්ව විදියට අපි ඉක්මනටම මේක කරන තරමට හොදයි...මොකද YJ එකෙත් අලුත් බෑන්ඩ් එක debut වෙනවා ලබන සතියේ..."

"ඒක තමා මිස්ට ජියොන් මාත් කියන්නේ...අපි ඉක්මන් වෙන තරමටම අපිට හොදයි...අනික මේක වෙනස්ම අද්දැකීමක් වෙයි...මොකද සොලෝ ආර්ටිස්ට්ලා එක්ක traineesලා දාලා debut වෙන පලවෙනි බෑන්ඩ් එක මේක.."

"ජන්කුක් ඔයා මොකද හිතන්නෙ මේක ගැන...?"

යුන්ගිගෙයි මිස්ට ජියොන්ගෙයි කතාව අහන් ඉන්නවා වගෙ ඉදන් හෝසෙයොක් එයාටත් නොකියා කොහෙද ගියේ කියලා කල්පනා කර කර හිටිය ජන්කුක් අප්පා කතා කරාම එකපාරටම ගැස්සිලා වටපිට බැලුවා..

"අහ් මේ...මාත් හිතනවා අප්පා මේක හොද ප්‍රොජෙක්ට් එකක් වෙයි...අනික ඒජන්සි 2ක් ජොයින් වෙලා කරන නිසා ගොඩක්ම හොදට තියෙයි...🙂"

ජන්කුක් ඕනවට එපාවට වගෙ එහෙම කියලා ආයෙත් කල්පනා කරන්න පටන්ගත්තා...

පැය කීපයක මීටින්ග් එක අවසන් උනේ අලුත් බෑන්ඩ් එක ලබන සතියේ debut කරනවා කියන තීරණය අරන්...

"මිස්ට මින් මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන..."

"ඔහ්...ෂුවර්..."

හැමෝම මිටින්ග් රූම් එකෙන් එලියට යද්දී ජන්කුක් යුන්ගිව නවත්ත ගත්තා...යන්න නැගිටපු යුන්ගි ෆයිල්ස් ටික ටේබල් එක උඩින් තියලා ආයෙත් වාඩිඋනා...

"යුන්ගි තමුසෙ මොකක්ද මේ කරන අලුත් සෙල්ලම...? "

"සෙල්ලම...?"

"හෝසෙයොක්ව තමුන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්න බෑන්ඩ් එකට දාන එක ගැන මං කියන්නේ...තමුන්ට ඕන හෝසෙයොක්ට රිද්දන්නද...? "

LOST LOVE |•YOONMINSEOK•Where stories live. Discover now