"කූ....."
හෝසෙයොක්ලාගෙ නිවස ඉදිරි පිට වාහන නවත්තලා නිහඩව විනාඩි කීපයක් හිටිය හෝසෙයොක් හඩ අවදි කලේ වාහනය තුලැති නිහඩ බව බිදිමින්...
"හ්ම්ම්ම්...බහින්නෙ නැද්ද හෝසූ..."
"බහින්න ඕන ඒත් මට බයයි..."
"ඇයි..?"
"ඔම්මා හදිස්සියෙවත් සුගා ගැන අහයි ද..? ජීහූගෙන් කෙසේ වෙතත් උබෙන් හරි මගෙන් හරි ඔම්මා ඕක අහනවා කූ...එහෙම ඇහුවොත් මං මොකද කරන්නේ...?"
හෝසෙයොක් ජන්කුක් දිහායි පිටිපස්සේ සීට් එකෙ හිටිය ජී හූ දිහායි මාරුවෙන් මාරුවට බැලුවා...
"ඒක එවෙලෙට බලමුකෝ... හදිස්සියෙවත් ඇහුවොත් අපි සුගා කිව්ව බොරුවම කියමු... "
"ඒ කිව්වෙ ජන්කුක් හියොන්..?"
"මෙහෙමයි ජීහූ...අපි කියමු සුගා අලුත් ප්රොජෙක්ට් නිසා බිසි හින්දා වේගාස් එන්න බැරි උනා කියලා..."
ජන්කුක් එහෙම කියලා ජීහු දිහා බැලුවේ තේරුනාද අහන්න වගේ...
"අහ්...ඒක හොදයි..."
ජන්කුක් හෝසෙයොක් දෙන්නා එනගමන් ජීහූට බ්රේකප් උන සීන් එක කිව්ව නිසා ජීහුට කතාව ගලපගන්න අමාරු උනෙ නැ...
"ඔව් කූ...එහෙමවත් කරමු...ඒත් මට බය ඔම්මා සුගාට කෝල් කරලා අහයි ද කියලා...සුගා ඔම්මාට ඇත්ත කියයි ද බන්... "
"මං නන් හිතන්නෙ නැ හෝසූ එයා එහෙම කරයි කියලා..."
"බය වෙන්න එපා හෝසෙයොකා..එයා ඔයාටත් වඩා ඔයාගෙ ඔම්මාට ආදරේයි..එහෙව් එකේ මං නන් හිතන්නේ නැ එයා එහෙම කරයි කියලා... "
"උබට හැමදාම ඕක ගෙදරින් හංගන්න පුළුවන් වෙයි ද හෝසූ...?"
"නෑ කූ...දැන් කිව්වොත් ප්රශ්න වැඩිවෙයි...ඒ නිසා මං කොරියාවට ගියාට පස්සේ නූනාට කියන්න හිතන් ඉන්නෙ මේවා...එයා ඔම්මාට පැහැදිලි කරයි..."
"හ්ම්ම්...බලමුකො..එන විදියකට මූණ දෙමු අපි...දැන් බහිමු...එයාලා බලන් ඇති..."
"යන්...."
හෝසෙයොක් සීට් බෙල්ට් එක ගලවලා ඩෝ එකත් ඇරන් එලියට බැහැලා ඇදුම හදගද්දි ජන්කුක් , ජීහු දෙන්නත් බැහැලා හෝසෙයොක් ගාවට ආවා...