✒️ නවවෙනි ගෙතුම ...

1.4K 376 261
                                    

📚📚 ONLY WITH YOU 📚📚 .....

ශාන් මේ දිනවල වෙනදාටත් වඩා කාර්යබහුල වී ඇත.... යළිත් චීනයට යන්නට සියල්ල සූදානම් කරගත යුතුය... ඒත් සමගම ඔහු වෙනුවට ආයතනයෙන් සේවයට පැමිණි නවක සේවකයා පුහුණු කළ යුතුය...ඉතින් ඔහු ඔහුගේ හේතු කෙටියෙන් සඳහන් කරමින් කතාව දින දෙකකට එක් වතාවක් පළකරන බව වෙබ් අඩවියට  දැනුම් දුන්නේය...

" ශාන් මමාට ඔයා එක්ක කතාකරන්න ඕනෙලු....."

වෙහෙසවී නිවසට ගොඩවූ ශාන්ට යැන්ලි කීවේය ...ආයුවෑන් වත් වඩාගෙන ඔහු ලැප් එක ඉදිරිපස අසුන්ගත්තේය ....

" කොහොමද පුතේ  ..."

ඇය කාරුණිකව ඇසුවාය ... ඇගේ පෙනුම ශාන් හට කවුරුන්දෝ සිහිකරන්නේය... ඒ නම් හදවතේ රැදුනු මායවකි ... ඉඳහිට දකින බොහෝ දෙනෙක් ඔහුට පෙනෙන්නේ පිගීගේ හැඩහුරුකම් වලිනි...

" වරදක් නෑ මමා මේ දැන් වැඩ ඇරලා ආවා විතරයි...."

ශාන් ලෙංගතු ලෙසින් කීවේය ...

" පුතේ පපාට ඔයා එක්ක කතාකරන්න ඕනෙලු ..... ඉන්න මම එයාගෙ ඔෆිස් රූම් එකට යන්නම්....."

යැන්ලිගේ මව දුරකතනයත් රැගෙන කොහේටදෝ යනබව ශාන් දුටුවේය ..ශාන් යැන්ලි දෙස කුතුහලයෙන් බැලුවේය ... ඇය අවුලක් නෑ වැනි බැල්මක් හෙලුවේය ...

" හෙලෝ පුතේ මේ පපා ඉන්නවා...."

ඇය දුරකතනය එක්තරා පුද්ගලයෙක් ඉදිරියෙන් තැබුවේය ... වයස අවුරුදු හැටකට ආසන්න උවත් ඔහුගේ මුහුණෙන් දිස් වූයේ තේජාන්විත බවකි... සිනහවක් නොමැති ඒ මුහුණෙහි කෝපයක්ද නොතිබුණේය... මේ  ශාන් යැන්ලිගේ  පියාව දකින පලවෙනි අවස්ථාවයි....

" හෙලෝ පපා ඔයාට කොහොමද ..."

ශාන් ලෙංගතුව ඇසුවේය ...

" පපා කාද ඒ....පපා...කාද ඒ......"

ආයුවෑන් හුරතල් ලෙසින් අසද්දී යැන්ලිගේ පියාගේ මුහුණෙහි සුන්දර සිනාවක් මතුවිය...

" චීනෙට ඇවිත් නතරවෙන්න ගෙවල් හොයන්න එපා.... අපි දැන් ඉන්නේ බෙයිජින් වල නෙමේ ෂැංහයි වලනේ මේ ගෙදර පවුල් දහයකට වුණත් ජීවත් වෙන්න ඉඩ තියනවා..... යැන්ලිගේ මමාට ඕනෙ ඔයාලව එයාලගේ තියාගන්න නේ ඒක නිසා මෙහෙ ඇවිල්ල නතර වෙන්න බලාගෙන එන්න...."

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now