✒️ හත්වෙනි ගෙතුම....

1.5K 384 222
                                    

📚📚 ONLY WITH YOU 📚📚 ....

",ගුඩ් මෝනින් ශාන්...."

" ගුඩ් මෝනින් යැන්ලි...."

ශාන් දොර හැරියේ තවම උදෑසන හයටවත් ආසන්නවී නොමැතිවයි...

" පුතාට ටිකක් සනීප මදි..."

" ආ.....ඇයි ...යමු.....මොකක්ද වෙලා තියෙන්නෙ ..."

ශාන් කලබලයෙන් පොඩ්ඩාගේ කාමරයට දුවගෙන ගියේය ... මලානිකව ඇදට වී සිටින ආයුවෑන් ව දුටු ශාන්ට පුදුමාකාර දුකක් ඇතිවිය....

" ඇයි මැණික ...."

ශාන් ආයුවෑන් ව අතට ගෙන ඇසුවේය ...

" පුතාත උණ......"

ඔහු සෙමින් මිමිනුවේය ....

" යමු ඩොක්ටර් ලඟට ... ඉක්මනින් ලෑස්තිවෙන්න ...."

ශාන් ආයුවෑන් වත් ඔසවාගෙනම ඔහුගේ කාමරයට ගොස් ඔහුව ඇදමතින් තබා ඉක්මනින් සූදානම් විය...

" පාන්දර ඇඟ රස්නෙ තිබුණනම් තිබුන නම් මට කියන්න තිබුනනේ...."

බෙහෙත් රැගෙන යළිත් නිවසට එන අතර ශාන් අමනාපයෙන් මෙන් යැන්ලිට කීවේය ...

" පාන්දර එහෙම ලොකු රස්නයක් තිබුනේ නැහැ..... උදේ බලනකොට තමා ගොඩක් රත් වෙලා තිබුණෙ....."

ඇය වරදකාරී හැඟීමකින් බිම බලාගෙන කීවේය.....

" කමක් නෑ doctor කිව්වනේ බය වෙන්න දෙයක් නැහැ කියලා.... "

ශාන් යලිත් කීවේය ...

" ඔයා දැන් වැඩට යනවා ද...."

" ඔව්... අද නොගිහින්ම බැරි වැඩක් තියෙනවා... මම හාෆ්ඩේ එනවා.. එතකම් පුතාව හොඳින් බලාගන්න...."

යැන්ලිව සහ ආයුවෑන් ව එපාට්මන්ට් එක අසලට හැරලවූ ශාන් යලිත් ආයතනයට යන්නට පිටත්විය... තුන් හතර වතාවක් ෂුවා දුරකතන ඇමතුම් රැගෙන තිබුනත් දරුවාගේ අසනීපය නිසා කලබලයෙන් සිටි ශාන් ඒවා සම්බන්ධ කරගන්නට ගියේ නැත....ඉතින් දැන් ඔහු යන අතරමගදී ෂුවා හට ඇමතුමක් ලබාගත්තේය ...

" මම කෝල් කීයක් ගත්තද උඹට...මොකෝ අවුල...."

ෂුවා යනු කවදත් දුකට සැපට දෙකටම ඔහු අසල සිටින එකම මිතුරා ය.... කොලේජ් එකේ සිටම ඔහු සහ ශාන් අතර මහා ලොකු බැඳීමක් තිබුණත් ශාන් ජීවත් වූ රටාව අනුව ඒවා වැඩිදුර පවත්වාගෙන යන්නට නොහැකි විය... කොලේජ් එකෙන් අවුට් වූ වහාම ෂුවා ඇමරිකාවේ පදිංචියට පැමිණියේ ඔහුගේ දෙමාපියන්ද මෙහි සිටින නිසාවෙනි... ඉතින් අවසානයේ එම මිතුරුකම මාසයකට දෙකකට වරක් ගන්නා දුරකථන ඇමතුමක් දක්වාම දුරස් විය..... ශාන් යළිත් යැන්ලි සමඟ ඇමෙරිකාවට ගිය මුල්ම දිනයේ සිට අද වනතුරුත් ඒ මිතුරු දමෙහි වෙනසක් සිදු වී නැත..

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Où les histoires vivent. Découvrez maintenant