✒️ විසිපස් වෙනි ගෙතුම ...

1.7K 365 252
                                    

📚📚 ONLY WITH YOU 📚📚 .......

දෙදෙනාම පුස්තකාලයට ඇතුල්විය.... ප්‍රධාන දොරටුවෙන් පුස්තකාලය තුළට ඇතුලු වෙද්දීම ශාන්ගේ දෙනෙත් මන්ම යීබෝගෙ දෙනෙත් පුදුමයෙන් විසල් වූයේ.................................................

*

පුස්තකාලායාධිපති අසුනෙහි සිටින කැතීව දැකීමෙනි.... ඇය මුලින්ම දුටුවේ යීබෝවයි.... යීබෝ දුටු සැනින් ඇගේ මුහුණෙහි ඇදුණු සිනහව ශාන්ව දුටු සැනින් මැකී ගියේය ...

" පිගී........"

" හ්ම්ම්ම්....බින්ගෙ කෙල්ල ක්‍රිෂ් මට කිව්වා මේකි මෙහෙ ඉන්නෙ කියලා ... දන්නවද චග්ගා මේකි තමයි ඔයා දීපු ලිවුම හංගලා තියෙන්නෙ ....."

යීබෝ කේන්තියෙන් කිව්වේය... ඒ වනවිටත් කැතී සිනහසෙමින් ඔවුන් අසලට එමින් සිටියේය ...

" යන්නකො චග්ගෝ පොතක් තෝරගන්නකො...මං මේ කැතීව ටිකක් කැතිගාලා එන්නම්...."

යීබෝ ශාන්ට කීවේය ...

" පිගී ..... තියෙන ප්‍රශ්න හොදටම ඇති...ප්ලීස් මැණික ...."

" හ්ම්ම්....මම වචන දෙකෙන් එයාව කොර කරලා එන්නම්....මෙච්චර දේවල් කරලා තියෙද්දි හිනාවෙලා අත වනන්න බෑනේ ඉතින්...යන්නකො චග්ගා...."

ශාන් අකමැත්තෙන් උවත් එතැනින් පිටවී ගියේය ... අවුරුදු තුනහමාරකට පසු වත් පුස්තකාලය නම් වෙනස් වී නැත.... පොත් රාක්ක තරමක් නවීකරණය වී තිබුනත් ශාන්ට නම් එදා දැනෙන පොත් සුවඳම අදත් පුස්තකාලය තුළින් දැනෙන්නට විය.... පරණ මතක අතරේ ඔහු පොත් රාක්ක මැදින් සෙමින් සෙමින් ගමන් කළේය.....

" යීබෝ ගගා කොච්චර කාලෙකට පස්සෙද ඔයාව දැක්කේ...."

කැතී තරමක් පද්දමින් හරි අපූරු ලෙන්ගතු සිනහවක් සමග යීබෝ අසලට ආවේය ... යීබෝ කෙටි සිනහවක් දුන්නේය...

" ඉතින් කොහොමද ගගා.... "

" වරදක් නෑ කැතී අපි හුගාක් සතුටින් ඉන්නවා...."

යීබෝ රාක්ක අතර ඈතට යන ශාන් දෙසත් බලා යලිත් කැතී දෙස බලා කීවේය ..

" අපි......"

ඇයත් ශාන් දෙස බලා යීබෝ දෙස බලා දෙබැම හකුලුවමින් ඇසුවේය ...

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now