✒️ දහ නවවෙනි ගෙතුම...

1.5K 374 268
                                    

📚📚 ONLY WITH YOU 📚📚 ...

යීබෝගෙ රැවිලි ගෙරවිලි සමඟින් වෙනසක් නොමැතිව දින දෙකක් ගතවිය... ඒ අතර විශේෂ සිදුවීමකට කියා සිදුවූයේ යීබෝ ක්ලබ් යෑම තාවකාලිකව නතරකිරීමයි.... ඔහු වැඩිවැඩියෙන් මූෂි ට එකතුවූ බවක් පෙනුනි... දැන් ඇත්තේ දෙදෙනාගෙන් කෙනෙකු කතාකරන්නට ඉස්සර නොවීමේ ගැටලුවයි.... යීබෝට කතාකරන්නට උවමනාව තිබුනත් දරුවා සහ සොයුරිය සමඟින් ඇති කුමක් හෝ බැදීම ඊට හරස්වෙන්නේය...... ශාන්ගේ පැත්තෙන් ඊට වෙනස් ය ... ඔහු සිතාගෙන සිටින්නේ යීබෝ තවමත් සිටින්නේ කේන්තියෙන් කියාය  ..... ඒ දින දෙකේම ශාන් අලුත් රැකියාවෙහි රාජකාරි සදහා කාලය යෙදවූයේය... .නිතරම ඔන්ලයින් මීට්න් කිහිපයකටත් සහභාගී වෙන්නට සිදුවූ නිසා ඔහු කාර්‍ය බහුල විය...

නමුත් ඉතින් යීබෝ නම් ශාන් ආලින්දයට පැමිණෙන තුරු මඟබලා සිටින අතර එනු දුටු වහාම බිම බලාගන්නේය.....

එදිනත් දිවාආහාර වේලාවේ ශාන් වෙබ් අඩවි නිලධාරීන් සමඟ ඔන්ලයින් හමුවක සිටියේය .. යීබෝ උඩුමහල් බැල්කනියේ මූෂි සමඟ සෙල්ලම් කරමින් සිටියේය .. ඒ වනවිට පැය හතරක් පමණ යීබෝ ශාන්ව දුටුවේ නැත.... ඉතින් දැන් පවසට පැන් පොදක් මෙන් නිතර ඒ රුව නොදැකීම හදවත වේදනා දෙන්නේය....

" මල්ලී එන්න කෑම කන්න..."

පහත මාලයේ සිට යැන්ලි කෑගැසුවේය ...

" මූෂි ....."

" ඕ....තූති පපා ...."

" ගිහින් ඔයාගෙ පපාගෙ ඉනට මෙන්න මෙහෙම ඇඟිල්ලෙන් ඇනලා කියන්න මනුස්සයෙක් උනහම කාලා බීලා ඉන්නෝනේ කියලා ....එයා එක්කම කෑමට පහලට එන්න....."

මූෂි හිස සලා ශාන්ගේ කාමරයට යන අයුරු බලාගෙන සිටි යීබෝ සිනාසෙමින් පහත මාලයට ගියේය ....ආයුවෑන් ශාන්ගේ කාමරයට යද්දී ඔහු  හමුව අවසන්ව එහි තොරතුරු පරික්ෂා කරමින් සිටියේය ... පොඩ්ඩා එන බව ශාන් දුටුවේ නැත...ඔහු එතැනට ගිය විගස ශාන්ගේ ඉනට ඇඟිල්ලෙන් ඇන්නේය.. නොසිතූ ලෙසින් සිදුවූ සිදුවීම නිසා ශාන් පුටුවෙන් බිමට නොවැටී බේරුනේ අනූ නවයෙනි....

" මේ මොකෝ පුතූ කවදාවත් නැතුව...පපා බයවුනා  ...."

ශාන් කරමින් සිටි රාජකාරි නවතා මූෂි ව වඩාගත්තේය ...

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now