✒️ දොළොස්වැනි ගෙතුම....

1.4K 363 201
                                    

📚📚 ONLY WITH YOU 📚📚 ......



🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟

" පපා ඊනත් බලන්න නමුකෝ....."

ශාන් වොෂ් එකක් ගෙන කාමරයට එද්දී ආයුවෑන් ඇදමත වාඩිවී සිටියේය ...

" හ්ම්ම්... ඔක්කොම කෑවද.... එතකොට තමයි වීනස් බලන්න යන්නෙ..."

ආයුවෑන් ගේ කම්මුලට හාදුවක් තබමින් ශාන් කීවේය ...

", කාවා.... ඔත්තෝම කාවා...."

" හ්ම්ම්... එන්න යමු අපි බැල්කනියට ...."

ශාන් ආයුවෑන් ව වඩාගත්තේය ...

"අයියෝ.......අද ඊනත් නෑ පපා...."

තාරකා පිරී ඇති ආකාශය දෙස බලාගෙන පොඩ්ඩා කෑගැසුවේය ...

" එහෙම නැතිවෙන්නෙ නෑ මැණික ...ආන්න බලන්න අර ඈත තියෙන්නෙ ....පේනවද...."

" යේ....ඊනත් හොල දෙදියා.... හැංගිලා පුතා බයකලන්න...."

ශාන් ආයුවෑන් ගේ හිස්මුදුන සිපගනිමින් සිනාසුනේය ....

", හ්ම්ම්...වීනස් හොර ගෙඩියෙක් තමයි .... "

ආයුවෑන් ව පපුවට තුරුලුකරගෙන දෙපැත්තට වැනෙමින් ශාන් කීවේය ....ඒත් සමඟම කෝපි මග් එකක් අතැතිව යැන්ලි එතැනට ආවේය ..

" තව සති දෙකයි තියෙන්නෙ ශාන් ... අපි කවදටද මේ ගේ අස්කරන්නෙ ..."

කෝපි එක ශාන් අතට දුන් යැන්ලි ඇසුවේය ...

" දවස් දෙකක් වත් තියෙද්දි අස්කරන්න ඕන.... ෂුවා ත් එනවා කිව්වනේ...ඒ නිසා අවුලක් වෙන්නෙ නෑ...ඉක්මනින් අස්කරගන්න පුලුවන් ...."

කුමක් හෝ කියන්නට අර අදිමින් යැන්ලි සිටින බව ශාන් තේරුම් ගත්තේය ...

" මොකක්ද ප්‍රශ්නෙ ..."

ටික වේලාවක් නිහඬව සිටි ශාන් ඇසුවේය....

" ඔයා දන්නවනේ ශාන් අපේ මල්ලි ගැන....එයා මොනව හරි හිත රිදෙන දෙයක් කිව්වොත් එච්චර හිතන්න එපා... මමා කියන විදිහට එයා එකපාරටම වෙනස් වෙලා තියෙන්නෙ මම එහෙන් ආවට පස්සෙ... ඉස්සර එහෙම නෑ හරිම දගයෙකු වුණාට අපි කියන ඕනෙම දෙයක් අහනවා... ඒත් මේ ගෙවුණු අවුරුදු තුනහමාරට එයා ගොඩක් නාස්ති වෙලා කියලා මමා ගොඩක් දුකින් ඉන්නේ.... පුලුවන්නම් එයාට කිට්ටුවෙන්න බලන්න... "

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now