✒️ දාසය වන ගෙතුම....

1.5K 374 182
                                    

📚📚 ONLY WITH YOU 📚📚 ....




🌞 🌞🌞🌞

"පපා..... පපා.....මේ දොලාලින්නතො.....පපා...."

ආයුවෑන් ගේ හඩ මුලින්ම ඇසුනේ කාමරයෙන් පිටතට එමින් සිටි යීබෝටයි...ඔහු දොර පමණක් හැර පිටතට නෑවිත් මේ දෙස බලාගෙන සිටියේය ...

" පපා.....පපා....දොලාලින්නතො ...."

පොඩි එකාගේ කතා විලාශයට යීබෝගෙ මුවඟට සිනහවක් ද මතුවිය..ශාන්ගේ කාමරයෙන් පිළිතුරක් නොමැති නිසා පොඩ්ඩා ඇඟිලිවලින් ඉස්සී සෑහෙන ලොකු උත්සාහයකින් පසුව දොර විවරකර අයුරු යීබෝ බලා සිටියේය ....

" පපා......ඔයා දෝ ගත්තේ දොල ලඟ ද...."

ආයුවෑන් ගේ කටහඩ නිසා යීබෝ මදක් හිස පිටතට දමා බැලුවේය .. පෙරදා ඇදුමෙන්ම දොරලඟ වාඩිවී සිටින ශාන්ව ඔහු ලාවට දුටුවේය ... තවත් මේ දෙස බලා සිටියොත් ඔවුන් දකින නිසා යීබෝ සෙමින් දොර වසා ඇදෙන් වාඩිවිය...

' එයා ඇයි වෙනම නිදියන්නෙ...ඒක ආයුවෑන් ට ප්‍රශ්නයක් නෙවෙයි කියන්නෙ ඇමරිකාවෙදිත් ඒ විදිහට තමයි ඉන්න ඇත්තෙ ... ඇයි මම අක්කගෙ හස්බන්ඩ් කවුද කියලා හොයලා බැලුවේ නැත්තෙ.... මගේ චගීව එයා එයාගෙ හස්බන්ඩ් කියලා හදුන්වලා දෙන වෙලාවෙ මම කොයිතරම් අසරණ උනාද.... මෙතන මොකක් හරි තියෙනවා .... බලමු.... ඒත් මම ඔයාගෙ මූණ වත් බලන්නෙනෑ චගී...ඔයා දන්නෙ නෑ මම විදවපු තරම් ... අන්තිමට බොරුවට දොරලඟ වැටිලා නිදාගත්තා කියලා ප්‍රශ්න විසදෙන්නෑ චගී....ආයුවෑන් ගේ වයසත් එක්ක හරියට ගණන් හදලා බැලුවොත් අපි දෙන්නා වෙන් වෙන්න ඔන්න මෙන්න තියෙන කාලෙ තමයි අක්කා ප්‍රෙග්නට් වෙලා තියෙන්නේ... මට කොහොමටවත් පිළිගන්න බැහැ ඔයා එයත් එක්ක එහෙම සම්බන්ධයක් පැවැත්තුවා කියලා... ඒ කාලේ ඔයයි මායි හුඟක් සැහැල්ලුවෙන් හිටියේ.... බලමු ඔයත් ටිකක් විදවන්න චගී... මම අවුරුදු තුනහමාරක් විඳෙව්වා නේ....'

යීබෝ එදා කරන්නට මහා ලොකු වැඩක් නොතිබ්බත් නිවසින් පිටතට යන්නට සූදානම් වූයේ නිවෙස් තුළ රැඳෙන සෑම මොහොතකම ඔහුව මුහුණට මුහුණ හමු වීම නවත්වා ගැනීමටයි....

යීබෝ සූදානම් වී පහලට එද්දී නිවැසියන් සියල්ලෝම උදෑසන ආහාර වේලට වාඩිවී සිටියේය ...

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now