✒️ විසිතුන්වෙනි ගෙතුම...

1.6K 386 287
                                    

📚📚 ONLY WITH YOU 📚📚 ....

බෙයිජිං යන දිනයට පහන්විය..මුලින්ම යීබෝගේ වාහනයක යන්නට තීරණය වූවත් එනවිට ශාන්ට ඔහුගේ වාහනය රැගෙන එන්නට අවශ්‍ය බව පැවසූ නිසා අවසානයේ ගමන ගුවන් ගමනක් දක්වා සංකීර්ණ විය...

විශේෂයෙන්ම ගමනට පෙර දින හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමක් නිසාවෙන් යීබෝ සිටින්නේ පුලුවන්නම් විනාඩි පහෙන් බෙයිජිං යන්නට උත්සාහ කරමින්ය... ඉතින් ගුවනින් යෑමත් ඔහුගේ තීරණයක් විය...

" චගී එයාර්පෝට් එකෙන් එලියට ගියපු ගමන් මම හදිසි ගමනක් යනවා..ඒ ගමන ගිහිල්ලා මම කෙලින්ම ඔයාලගේ ගෙදර එන්නම්..."

නිවසේ රියදුරකු සමගින් ගුවන් තොටුපළට යන අතර යීබෝ කීවේය ... ශාන් කිසිවක් නොකියා සිටියේය..සමහර විට ඔහුට එකවරම නිවසට එන්නට නොහැකි ගතියක් සිතෙන්නට ඇතැයි ශාන් අනුමාන කලේය...

" තූතිපපා ඔන්න මත ඔයා නතිව දෝගන්න බෑ ........"

ආයුවෑන් ශාන්ගේ අතේ හිද යීබෝවත් ලඟට ඇදගන්නා ගමන් කීවේය ... ඔවුන් පොඩ්ඩා සමඟ නිවසින් පිටවන විට යැන්ලි නම් තරමක් ශෝකයෙන් සිටියත් ....

" ග්‍රැනී බා එන්න අපා...මන පපාවයි තූතුපපාවයි බලාගන්නම්...."

යැයි කියද්දී යැන්ලිගේ දුක් මුහුණත් නැතිවී ගියේය ...

අවසානයේ උදෑසන 10.34 ට ඔවුන් බෙයිජින් වලින් ෂැංහයි බලා පියාසර කිරීම ආරම්භ කලේය ... එදා ඇමරිකා යනවිටවත් යලි චීනයට එන විටවත් නොතිබුනු අලුත් හැඟුම් රාශියක් අද ශාන්ගේ සිතතුල ඇත්තේය.... යීබෝ වින්ඩෝ ශීට් එකේත් ශාන් අයිලෙ ශීට් එකෙත් පොඩ්ඩා ශාන්ගේ කකුල් දෙක මතත් අසුන්ගෙන සිටියේය .... ටිකවේලාවක් වටපිට බලමින් සිටි ආයුවෑන් නින්දට වැටුනි.... යීබෝත් ශාන්ගේ උරහිසේ හිස තියාගත්තේය ... ඉතින් ශාන් ඒ හිස් මුදුනට දැනෙන නොදැනෙන ලෙසින් හාදු කිහිපයක්ම තැබුවේය ...

ශාන් පොඩ්ඩාව අල්ලාගෙන සිටින නිසා ඔහුගේ අතක් අස්සෙන් යීබෝ අතක් පටලවාගත්තේය ... යීබෝ සිටින්නේ වෙනදාටත් වඩා සතුටකින් බව ශාන් දුටුවත් ඒ තිදෙනාම මෙවන් ගමනක් යනනිසා විය හැකියැයි ශාන් යලිත් සිතුවේය ...

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now