✒️ පහලොස් වන ගෙතුම ......

1.5K 377 250
                                    

📚📚 ONLY WITH YOU 📚📚 .....

සුවිශාලතම මන්දිරයක් වැනි නිවසක් ඉදිරියේ වාහනය නතරකලේය ... ෂැංහයි නඟරයට විනාඩි දහයක් පමණ පිටතින් තරමක් නිසංසල පරිසරයක මෙම නිවස පිහිටා ඇත... විශාල තාප්පයක් කලුපැහැති ගේට්ටුවක් මගින් නිවසෙහි අභිමානය පිටතින් සිටින අයෙකුට ඒත්තු ගන්වන්නේය... ආයුවෑන් ශාන් අතේ සුව නින්දේය .... විනාඩි දෙකක් පමණ යනවිට ගේට්ටුව විවරවිය... විශාල මිදුලක්.... මුලින්ම ඔවුන් දුටුවේය ... එය මිදුලකටත් වඩා උද්‍යානයක් කීවොත් නිවැරදිය.. අලංකාර මල් වර්ග ගනනාවක් වවා ඇති එම මිදුල නිසියාකාරව නඩත්තු කරන බව බැලූ බැල්මට ශාන් තේරුම් ගත්තේය ...අදනම් එය උත්සවයකට සූදානම් කරමින් තිබෙන අයුරු දැකගන්නට ලැබුනි... උත්සව යනු ශාන් අකමැතිම ලිස්ට් එකේ මුලින්ම ඇති අංගයයි  ..  ..

මිදුල පසුකරමින් ඉදිරියට ඇදුනු වාහනය විශාල දෙමහල් නිවස ඉදිරිපිට නතරකලේය... ප්‍රධාන දොරටුව අසල යැන්ලිගේ මව සහ පියා ඔවුන් බලාපොරොත්තුවෙන් හිටගෙන සිටියේය .... කිසිවක් දෙස බලන්නට කල්පනාවක් නොමැතිවූ යැන්ලි වාහනයෙන් බැස ගොස් ඔවුන් වැළදගත්තේය ... ශාන් ආයුවෑන් ව ඔසවාගෙන වාහනයෙන් බැස්සේය ... යැන්ලිගේ ඉකිබිදීමේ හඩට ආයුවෑන් අවදිවිය .. ඔහු ශාන් අතේ හිදගෙනම මේ දර්ශනය නරබ්න්නේය...

" පපා..."

ඔහු ශාන්ගේ කනට කර රහසින් කතාකරන්නට පටන්ගත්තේය ...

", හ්ම්ම්ම්..."

" මමත මොතද්ද එලා තීන්නේ...."

එය ඉතින් ඔහුගේ ආච්චීට සහ සීයාටත් ඇසුනි.... යැන්ලිගේ මව ආයුවෑන් ව වඩාගන්නට හදද්දී ඔහු ශාන්ව තවත් වැරෙන් වැළදගෙන ඒ ගෙල අස්සේ මුහුණ තියාගත්තේය ...

"පොඩී...... ඒ ඔයාගේ ග්‍රැනී නේ කෝ...හායි කියන්න....නෝටි උනොත් පපා යනවා....."

ඉතින් ශාන්ගේ වවදන්වලට පොඩ්ඩා හිස එසෙව්වේය ... පසුව සෙමින් ග්‍රැනීගේ අතට ගියේය ..

" යමු පුතා ඇතුලට...."

යැන්ලිගේ පියා ශාන්ට නිවස තුලට ආරාධනා කලේය... යැන්ලි මව සහ පොඩ්ඩා මුලින්ම නිවසට ඇතුල්වූ අතර ශාන් මිස්ටර් වන්ග් සමඟ ඔවුන් පසුපසින් නිවසට ඇතුල්විය...

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now