✒️ එකොළොස්වෙනි ගෙතුම..

1.5K 371 225
                                    

📚📚 ONLY WITH YOU 📚📚 ......

⏳⏳⏳⏳⏳⏳⏳

ශාන් යලිත් දින කිහිපයක් කාර්‍ය බහුල විය.. විශේෂයෙන්ම ආයුවෑන් ගේ පාස්පෝට් සහ නීතිමය කටයුතු වලටත් වෙලාව වෙන්කරගන්නට සිදුවිය... ඊට හේතුව ඔහු ඇමරිකාවේ උපත ලැබීමයි.. ඉතින් චීනයට ගොස් එහි පුරවැසිභාවය ලබාගන්නට මෙහි සූදානම් කරගත යුතු ලියකියවිලි රාශියක් විය...

" හෙලෝ මමා...."

උදෑසන වරුවේ නිවාඩුවක් ගෙන එම්බසියට ගොස් එහෙන්මම රැකියාවට ගිය ශාන් මේ වැඩ අවසන්වී නිවසට එන අතර තුරයි ... ශාන්ගේ මව ඔහුට ඇමතුමක් ගත්තේය ....

" මොකක්ද චූටි පුතා... ඔයා මේ ගෙදරට එන්නෙත් නැතුව ගෙයක් අරගන්නවා කිව්වා...දැන් යැන්ලි දුව කියනවා එයාලගෙ ෂැංහයි ගෙදර නවතිනවා කියලා ... තවමත් ඔයාගෙ හිතුවක්කාරකම් අඩුවෙලා නැද්ද ....ඇයි මට බොරු කරන්නෙ ....."

මමා මේ මොහොතේම ගන්නට ඇත්තේ එක්කො ශාන් ආයතනයේ එසේත් නැතිනම් එන අතරමඟ බව දන්නා නිසා බව ශාන් සිතුවේය ... තම මවගේ වේදනාව ශාන්ට නොදැනුනා නොව.... අතීතයේ සිදුවුණු සිදුවීම් වලින් ඇය දන්නේ කිහිපයක් පමණකි... ඉතින් ඇගේ දොස් කීමෙහි වරදක් ඇත්තේ නැත... අතිශය කාර්යබහුල දිනයක දිනක අවසානයේ ශාන් නොසන්සුන්ව සිටියත් ඔහු මේ මොහොතේ මොහොතේත් සෑහෙන ඉවසීමෙන් කතා කළේය...

" මමා... ඒ ගෙදර හැමදාම ඉන්න යනවා නෙමෙයි.... යැන්ලිගෙ මමා අසනීපයෙන් ඉන්න හින්දා තමයි ටික දවසක් එහෙ නතර වෙන්නේ.. මම කොහොමත් ඇවිල්ලා දවස් 3කින් විතර ඔයා බලන්න එනවා...."

" ඒ මිනිස්සුන්ගෙ හැටි නොදැන නෙමෙයි නේද එහෙ නතර වෙන්න යන්නේ... තවත් මට දරුව ගැන හිත හිත දුක් විඳින්න බෑ shan...."

ඇය සුසුමක් පිටකරමින් කීවේය ...

" මමා.... දැන් එතන එහෙම කරදර නැහැ... යැන්ලිගේ පපාම තමයි කිව්වෙ එහෙ ඇවිත් නවතින්න කියලා .... මම මේ හැමදාටම එහෙ ඉන්න යනවා නෙවෙයි මමා .... හැම පැත්තම බැලන්ස් කරගන්න මට ටික දවසක් දෙන්නකෝ...."

" යැන්ලිගේ මමා විතරක් නෙවෙයි චූටි පුතේ ඔයාගේ අම්මත් ඉන්නේ අසනීපෙන්.. ජෙනී , නියෝ පුතයි නොහිටියනම් ඔයාට දකින්න අම්මෙක් ඉදීද දන්නෙත් නෑ....."

📚 📚 ONLY WITH YOU 📚📚  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now