03.

1.4K 260 5
                                    



ආහාර ගැනීමෙන් අනතුරුව සියලු දෙනාම තවත් ශාලවක් වගේ තැනකට එකතු වුනා.

"ඉතින් හෙසී මිත්තනියනි.!!
අප මෙම විවාහයට දින සකස් කර ගමු."

"එහෙමයි රඡතුමනි."

"රඡතුමනි කුමරුගේ උපන් වෙලාවට අනුව හෙට දිනයේ බොහො සුබ නැකතක් යෙදී තිබෙනව.!!"

"ඕහ්.!!
එසේද ඇදුරු තුමනි.එසේනම් එය වඩා හොදයි."

"රඡුනි එසේනම් අපි හෙට මේ විවාහය පවත්වමු."

"නමුත් මෑනියනි .!!
හෙටම.!!"

"කුමක්ද ඔබට ගැටලුවක්ද තේහියුන් කුමරුනි."

"කිසිත් නෑ පියානෙනි.!!"
හෙටම විවාහ උත්සවය පවත්වන බව කිව්ව නිසා තේහියුන් කුමරු කලබල වුනා.මොකද තේහියුන් කියන්නේ සෙල්ලක්කාරයෙක් .

"එසේනම් හේසල්,
සේවක සේවකයින්ට දන්වල හෙට විවාහ උත්සවයේ වැඩකටයුතු සූදානම් කරන්න. ඒ වගේම සියලුම රාජ්‍යයන්ට ඇරයුම් පත් යවන්න."

"එහෙමයි රඡතුමනි.!!"

තවත් බොහෝ දේ සාකච්ඡා කරල රඡුත්, හෙසී වගේම සොෆී රැඡිනත් ,මහ රැඡිනත් එතනින් පිටත් වෙලා යන්නේ විවාහයේ වැඩකටයුතු වලට.

එතන ඉතුරු වෙන්නේ කුමරවරුනුත් ,ඡන්කුකුත්,සියොලුත් විතරයි.

"ඉතින් අපේ තේහියුන් කුමරුගේ අනාගත බිරිද ,
කෙසේද සැප දුක්."

එහෙම කියන ගමන් ඉස්සරහට ආවේ නම්ඡුන් කුමරු.

"මන් හොදින් කුමරුවනි.!!"

"ඕහ්.!!
හොදින් වියයුතුයිනේ.
ඔබ වගේ පහත් අයෙකුට රාජ්‍යයේ කිරුල හිමි කුමරුව විවාහකරගන්නව කියන්නෙම කොපමන වාසියක්ද.!"

ඉදිරියට එනගමන් හෝසක් කුමරුත් එසේ පවසද්දි.සියොල්ට ඇත්තෙන්ම දුක හිතුනා.සියොල් ගැන වඩා හොදින් දන්න ඡන්කුක් සියොල්ව තමන්ගේ පිටුපසට කරගෙන සියොල් ඉදිරියෙන් හිටගත්තා.

"ඕහ් හෝ.!!.
බලන්නකෝ තේහියුන් කුමරුනි.
දැන් මේ පහත් තරුනියගේ අයියන්ඩිටත් හයිය ඇවිත්."
යුන්ගි කුමරු එසේ කියනවත් සමගම හැමෝම හයියෙන් හිනා වුනා.

THE KING (Completed) ✅ Where stories live. Discover now