17.

1.1K 232 18
                                    


සේරන්ගේ අණට ඒ සෙන්පතියා සේනාවක් රැගෙන ගියත් අවාසනාවකට තේහියුනුත් අනෙක් අයත් මාලිගයේම හිටියත් ඔවුන්ට මේ ගැන දැනගන්නට නොලැබූනේ ඔවුන් සිටියේ ආරක්ෂක අංශයේ නිසාවෙන්.ඉතින් රාජ්‍යයේ රජුගේත් රැජිනියගේත් අනෙකුත් කුමාරවරුන්ගේත් සිතුවම් මාලිගයේ අනිවාර්යෙන්ම තිබෙනවා.එම නිසා ඒ සිතුවමුත් රැගෙන ඔවුන් ඒ ගම්මානය බලා පිටත්වෙනවා.

කුමක් වේවිද....

සියොල් අවශ්‍ය දේවල් රැස් කරගන්නා අතරතුරම සුගා ඉක්මනින් එතනට දුවගෙන පැමිනියා...

සියොල්...වහාම අප පිටව යායුතුයි.
ඔහු පැවසුවේ ඒ දැනගත් පුවතින් බියට පත්වුන පසු දහඩිය බේරෙන නලලත් තමන්ගේ අතකින් පිහදාන ගමන් .

නමුත් අපට අසුන් පිට යාමට නොහැකි වේවිනේ..මැයට එය අනාරක්ෂිතයි....

නමුත් ජිමින් අපට මේ මොහොතේ කල හැකි වෙන කිසිවක් නැහැ .ඔවුන් මෙහි පැමිනිය හොත් අප දෙදෙනාට පමනක් සටන් වැදිය නොහැකියි...

එයට කම් නැහැ.මේ මොහොතේ අප පිටව යායුතුයි...

සියොල් එසේ පැවසූ විගසම යුන්ගි කුමරු ඇයගේ දෑත මත තිබූ මල්ල තමන්ගේ අතකට අරගෙන අනෙක් අතෙන් ඇයගේ අත අල්ලගෙන පිටුපස දොරින් එලියට පිවිසුනා..එතනම ඔවුන්ගේ අශ්වයින් දෙදෙනෙකුත් යුන්ගි විසින් බැද දමා තිබුනා ...

නගින්න නැගනිය..
එසේ පවසමින් ජිමින් අශ්වයා අසල දන නවාගෙන ඇයට අසු පිටට නැගීමට හැකි වන ලෙස සිටියා...

සියොල්ට මේ මොහොත කෙතරම් බියඡනක වුවත් මතකයට පැමිනියේ තමන්ගේ අයියන්ඩි ඇයට අසුන් පිට නගින්නට තමන්ගේ දන නමා ඉඩසලසා දුන්දින..නෙතට කදුලක් උනද්දි ඇගේ කන්වල දෝංකාර දුන්නේ තේහියුන් අවසාන වතාවටත් කියා ගිය වචනය...

ආරක්ෂා වන්න...

එය පමනයි තේහියුන් පිටව යාමට පෙර පැවසූවේ ..ඔහු නිසාවෙන් හිතට දෛර්ය ගෙන ඇය ජිමින්ගේ පිට මතට පාදයක් තබා අසු පිටට නැගගත්තා..ඒ අසුටම ජිමින් නැගගත් පසු යුන්ගි අනෙක් අසු පිටට නැගුනා...

මදක් අපහසු වේවි...නමුත් බිය වන්න එපා..වැටහුනාද

ඡිමින් එසේ පැවසූ විට සියොල් තමන්ගේ හිස සෙලෙව්වේ  වැටහුනු බව අගවන්නයි...

THE KING (Completed) ✅ Tempat cerita menjadi hidup. Temukan sekarang