රඡතුමනී.
තමන්ගේ හිතේ තියෙන සතුට අනෙක් කුමාරවරුන් සමග බෙදාගනිමින් සිටි තේහියුන් අසලට වෙදදුරුවරිය පැමීනියා..පවසන්න..
රජතුමනී .සියොල් රැජිනියට තවම වයස 20 ක් පමනක් වන නිසාවෙන් ඇයගේ ශරීරයට මේ මොහොතේ නිසි පෝෂණයක් ලබාදිය යුතුයි..එතුමිය පිලිබද හැමවිටම අවධානයෙන් සිටීමට සිදුවේවී ඔබතුමාට.
මා එසේ සිදු කරන්නම් .
එසේ නම් මා පිටව යන්නම්..රඡතුමනි.
තේහියුන්ට ආචාර කර වෙදදුරුතුමිය පිටව ගියා.නම්ඡුන් කුමරුනි .
පවසන්න ..
සේවිකාවන්ට පවසන්න උඩු මහලේ මගේ කුටියේ තිබෙන මගේ වගේම සියොල්ගෙත් භාණ්ඩ පහල මහලේ තිබෙන කුටියක තබලා එම කුටිය අප දෙදෙනාට සූදානම් කරන ලෙස..
නමුත් ඇයි එසේ සිදුකරන්නේ ..
ඇයට උඩුමහලට පඩිපෙල දිගේ ඇවිදා යාම අවදානම්.ඒ නිසයි එය සිදුකරේ...
ඕහ් .රජතුමා දැන් සිටම වගකීම් දරන්න පුරුදු වෙලානේ...
............................................................
After 4 months
ඇත්තෙන්ම තමන් මවක් වීමට යන බව දැනගත් දිනයේ ඇය බොහෝ සෙයින් සතුටු වුනා.කාලය ඉක්මනින් ගෙවීගියේ සියොල්ගේ කුසෙහි තේහියුන් රඡතුමාගේ ලෙයින් සිව් මසක කලලයක් වර්ධනය කරමින්.ඇගේ කුස දැන් මදක් ඉදිරියට නෙරා ඇවිත්.
තේහියුන් ගැන කතාකලහොත් ඇත්තෙන්ම ඔහුට සියොල් සහ තමන්ගේ දරුවා නොමැතිව තවදුරටත් සිටීමට නොහැකි බව හොදින් වැටහුනා.ඔහුට සියොල් දැන් අත්යවශ්යවම පුද්ගලයෙක් වෙලා හමාරයි.නමුත් ඔහුගේ හිත කිසිම මොහොතක සියොල්ට ආදරයෙන් කතා කිරීමටවත්,තමන්ගේ බිරිදට සලකන ආකාරයට සැලකීමටවත් ඉඩ දුන්නේ නෑ.එය තේහියුන්ටත් ගැටලුවක්.නමුත් තේහියුන් හැමවිටම ඔවුන් දෙදෙනා ගැන සොයා බැලුවා.ජූහි කුමරිය ලවා සියොල් ආහාරයට ප්රිය කරන ආහාර පිලිබදව දැනගෙන ඒවා සේවිකාවන්ට කියා සකස් කරල දුන්නා.ඒ වගේම හැමදාම රාජකාරී කටයුතු අවසන් කරල කාමරයට එන තේහියුන් නිදාගෙන සිටින සියොල්ගේ නලලටත් ඇයගේ කුසටත් උනුසුම් හාදුවක් තබන්න පුරුදු වුනා.
![](https://img.wattpad.com/cover/305764947-288-k654347.jpg)
ESTÁS LEYENDO
THE KING (Completed) ✅
Fanficවත්මන් රඡපවුලේ කිරුල හිමි කුමරුට ගෙන එන යෝඡිත විවාහය........ මේ ඔවුන්ගේ කතාවයි.....