07.

1.4K 231 0
                                    

කුමරුනි ඔබ පැමිනියාද.නමුත් කවුරුද මැය.

එතුමිය තමයි තේහියුන් රඡුගේ බිරිද වන සියොල් රැඡිනිය.

ඔබව හදුනාගන්න ලැබීම ගෞරවයක් රැඡිනියනි..

මා හටත් සතුටක් ඔබ හමුවීම.

ඡිමින් කුමරුනි.මා හට අශ්වයන්ගේ දේහය පරික්ෂා කලයුතුයි.

නමුත් ඔබතුමිය කෙසේද එය සිදුකරන්නේ.

මා හට එය සිදුකල හැකියි.

නමුත් ඒ අවට විසබීඡ තිබිය හැකියි එම නිසාවෙන් මුහුන ආවරනය කරගෙන යාම හිතකරයි රැඡිනියනි.

මා එසේ සිදුකරන්නම්.
එසේ කියූ සියොල් තමන්ගේ ගෙලෙහි බැද තිබූ රෙදිකඩ ගෙන මුහුන වැසෙන පරිදි බැදගත්තා.

මා හට අත් ආවරණයක් ලබාගත හැකිද.

එහෙමයි රැඡිනියනි.
එසේ පැවසූ පරීක්ෂක සියොල්ට අත්ආවරන යුගලක් ලබාදුන්නා.

සියොල් මූලික වෙලා දේහයන් තිබෙන තැනට යද්දි තමන්ගේ මුහුන ආවරනය කරගනිමින් ඡිමින් සහ ඡන්කුක් ඇය පිටුපසින් ගමන් කරා.

එක් අශ්වයෙක් ලගට ගිය සියොල් ඒ දේහයේ අත් ,පා ඔසවා බලමින් හොදින් නිරීක්ෂණය කරා.

ඡන්කුක්.කෙසේද එතුමිය ඔතරම් හොදින් ඒ දේහය නිරීක්ෂනය කරන්නේ.

අපේ පියානන් කුඩා කාලයේදි අපට සත්ත්ව දේහ විද්‍යාව වගේම ඖෂධ විද්‍යාව පිලිබදවත් ඉගැන්නුවා.ඉතින් පියානන්ගේ මරනින් පසුව ඇය තවදුරටත් ඒ දේවල් පිලිබද හොදින් අධ්‍යනය කරා.

ඕහ්..එසේද..

එසේ නිරීක්ෂණය කරමින් සිටින විට ඒ අශ්වයාගේ කුර දෙසට සියොල්ගේ නෙත යොමු වෙනව.එකින් එක කුර පරික්ෂා කර පසු අශ්වයාගේ පසුපස පාදයේ කුරය තුලට ඇනී තිබෙන ලී පතුරක් වැනි යමක් ඇය දකිනව.ඉන්පසු ඇය අනෙක් අශ්වයින් සහදෙනාගේ දේහයන් ලගටම ගොසින් පරික්ෂා කර බලනව.ඒ සෑම අශ්වයන්ගේම පසුපස පාදයේ කුරයක එවැනිම ලී කූරක් ඇනී තිබෙනව.

පරීක්ෂක ,මා හට කඩදාසියක් ගෙනවිත් දෙන්න.

එහෙමයි රැඡිනියනි..රැඡිනගේ අණ පරිදි පරීක්ෂකයා කඩදාසියක් ඇය වෙත රැගෙන එනව.

THE KING (Completed) ✅ Where stories live. Discover now