13.

1.4K 229 18
                                    

ගැහැනියකගෙන්ම ඡීවය ලබල තවත් ගැහැනියෙක්ව බිලිගන්න තරමටම සමහර යක්ෂයෝ නීචයි.ඉතින් ඒ වගේ අයට දඩුවමක් ලැබිය යුතුමයි....
අද ජූහිට ඒ දරුනු අපරාදය කරපු මනුස්ස වෙස් ගත්ත කාමපිපාසිතයෝ ජන්කුක් තමන්ගේ කඩුවෙන් විනාශ කරලා දැම්ම වුනත් අකාලයේ තමන්ගේ ආදර කතාව ආරම්භයේදිම ඔවුන්ට මියයන්න වීම සම්බන්ධව යම් කිසි සාදාරනයක් විය යුතුමයි

______________________________________

සියොල් අප දැන් පිටව යා යුතුයි කොහි හෝ ආරක්ෂිත ස්තානයකට..

බිම ඉදගෙන තමන්ට තුරුල්වෙලා හඩන සියොල්ගේ මුහුන තමන්ගේ දෝතට ගත්ත තේහියුන් ඇයට කතාකලා..

මැනික..අප අපගේ රාජ්‍ය බේරගෙන ජන්කුක් වත් ජූහිවත් නැවත සොයාගෙන පැමිනෙමු.වැටහුනාද..ඔබ ඔය ලෙසින් හඩාවැටුනහොත් අපගේ  දරුවත් රෝගී වේවී...ම්ම්ම්...වැටහුනාද...දැන් අප කොහි හෝ පිටව යමු...

තේහියුන් එසේ පවසන විට සියොල් තමන්ගේ හිස සෙලෙව්වේ මේ මොහොතේ ඇයට කතාකිරීමටවත් ශක්තියක් නොතිබූ නිසාවෙන්....ඇය හිස සෙලවූ විගසින් තේහියුන් තමන්ගේ දෑත් සියොල්ගේ බදවටෙන් දමාගෙන ඇයව තමන්ට වාරැකරගෙන බිම ඉදගෙන සිටි ඇයව නැගිට්ටෙව්වා.

නමුත් රජතුමනි...අප කොහිද යන්නේ...සටන් වැදීමට නම් සේනාව රැස් කරගත යුතුයි .එයට අප ආරක්ෂිත ස්තානයක් සොයාගත යුතුයි..
එසේ පැවසුවේ නම්ජුන් කුමරු..

මටත් සිතාගත නොහැකියි මේ සිදු වූ දෙය.අප කෙසේ හෝ අපගේ රාජ්‍ය අප වෙත ලබාගතයුතුයි...නමුත් මෑනියන් ..පියානන් ඔවුන් කොහිද ....ඔවුන් හොදින් ඇති නේද...ඒ වගේම මගේ ජනාතවත් පීඩා විදිනවා.

තේහියුන්ගේ දෑසිනුත් කදුලු බිදු කඩාහැලෙනව..එය දුටු සියොල් කතාකරන්නට ආරම්භ කලේ සිහින් කටහඩකින්..ඇයට කතාකිරීමටත් අපහසුයි...

රජතුමනි.මේ මොහොතේ ඔබ මෙසේ කඩා නොවැටිය යුතුයි..අපගේ රාජ්‍ය ..ඒ වගේම මේ දරුවා වෙනුවෙන් අප කෙසේ හෝ ශක්තිමත් විය යුතුයි.
තමන්ගේ දෑතින් තේහියුන්ගේ අතක් අල්ලගෙන ඒ අත තමන්ගේ කුස මත තබන ගමන් සියොල් කතා කලා..

අපට මේ මොහොතේ ආරක්ෂිතව සිටීමට ස්තානයක් මා දන්නවා...

කුමක්ද..
සියොල් ඒ කොහිද..

THE KING (Completed) ✅ Where stories live. Discover now