chapter 1

904 66 12
                                    

"අපි දැන් මොකද කරන්නේ බං"
"මේ පොලිසිය නම් මුන් ඉඳලා වැඩක් නෑ"
"මේක පාතාල කේස් එකක් නේ. පොලිසිය අත දාන්න බයයි "
"මුන් ඉඳලා ඇති වැඩේ මොකද්ද "
"ඒ බං අනුත් , උබේ අම්මට හිටියා නේද පරණ යාලුවෙක් පස්සේ ගෑන්ග් එකකට ගිය "
"ඔව් අර උබේ තාත්තා හැමතිස්සෙම බනින්නේ"
"මාර්ක් අංකල්" අනුත් සෙමෙන් පැවැසුවා.
"අන්න හරි අපි මෑන්ව හොයමු "
"ඌ පාතාලේ එකෙක් නම් අපි කොහොමද හොයන්නේ "
"මන් දන්නවා"  අනුත් යාළුවන් නිශ්ශබ්ද කරමින් පැවැසීය .

ඔහු තම නිවසට ගොස් පිටතට ආවේ අතේ යමක් ගුලි කරගෙනය.ඉන්පසු තම මිතුරන් සමග වාහනයට නැගුණු ඔහු එය පන ගන්වා ගත්තේය. මද වේලාවකින් ඔවුන් එළඹුණේ කැලෑබද ප්‍රදේශයක් වෙතයි. අනුත් අඩි පාරක් දිගේ ගොස් විශාල ගසක් අසල නතර විණි. ඉන්පසු ඔහු අත මිට මොලව ගත් දෙය තියන්නට යද්දී සියල්ල අදුරු වනු දැනිණ.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••
"සිහිය එනවා වගේ "
"හරි "

අනුත් දෑස් විවර කර විට දුටුවේ අදුරු කාමරයකි. කහ පැහැති විදුලි පහනක ආලෝකය පමනක් විශාල අදුරු කාමරය
තරමක් ආලෝකවත් කර තිබිණ.
"නැගිට්ටද" ඔහුගෙ දෙකන් වලට ශ්‍රවණය වූයේ සීතල හඬකී.

ඔහු අපහසුවෙන් ඒ දෙස බැලිය
එහි වූයේ වසර විසි ගණනක පමණ පෙනුමැති තරුණයෙක් ය. කඩවසම් බව කිව හැකි වුවත් මුහුනේ තිබුණු රෞද්‍ර බැල්ම ඒ මුහුණට ගැලපෙන්නක් නොවීය.

"එක අවස්ථාවක් දෙන්නම් කියපන් උඹ මොන කල්ලියේ ද ? කොහොමද එතැන ගැන දැනගත්තේ ?තව කීදෙනෙක් දන්නවාද?"

"මම් කල්ලියක කෙනෙක් නෙමෙයි "
අනුත් අපහසුවෙන් පැවැසීය

"ඔව් උඹ කල්ලියක කෙනෙක් නෙමෙයි.ඒත් ඔත්තු කාරයක් නේ. කාටද ඔත්තු බලන්නේ
මගේ වේලාව කන්නේ නැතුව කියපන් බල්ලො "

ඔහුගෙ හඬ ඉතාමත් නපුරු සහගත විය

"පොඩි බොස් " කෙනෙක් එසේ පවසමින් කාමරය තුළට ආවේය
ඔහු  අනුත් දෙසට බැල්මක් හෙළීය.

"දෙයියෝ! අනුත් මහත්තයා නේද මේ "

To be continued......

කියන්න බලන්න හිතෙන දේ.

මේ නපුරු යි කියන කොල්ලා මොන වගේ කෙනෙක් වෙයිද

ඔයාලා මේක කියවන්න කැමති ද කියලත් කියන් යන්න

Soft Zone Where stories live. Discover now