"අපි මේ කොහේද යන්නේ" ඩෙවිල් ඇසුවේය.
ඔහු සිටියේ සිරුර පුරාම වැසුණු තුවාල සහගතව අපහසුවෙනි.
"අපි අනුත් අයියව බේර ගන්න ඕනේ ඒත් ඔක්කොම කරන්න කලින් ඔයාව පරිස්සම් තැනක තියන්න ඕනේ.
එයාල ඔයාගෙ පස්සෙන් එනවා"
"මන් හිතන්නේ උබලා දෙන්නටම පිස්සු , මාව තියලා එන්න තිබුණේ උන්ට මට මුකුත් කරන්න බැහැ""නිදා ගනින් පොඩි එකා, බෙරිහන් දෙන්නේ නැතුව "
"මන් පොඩි නෑ"
"අවුරුදු 17 ,තාම ඉස්කොලේ යන්න ඕනේ වයසේ මොකෝ පොඩි නැත්තේ"
"තමුසෙ කොහොමද"
"මං අයිඩි එක දැක්ක , දැන් නිදා ගනින් මොනාහරි ඕනේ නම් කියපන් "ඩෙවිල් පිපාසාව නිසා ඇහැරුන අවස්ථා වල හැර මුළු ගමන පුරාවටම නිදා ගත්තේය. කුමක්දැයි නොදන්නා සැහැල්ලුවක් ඔහුගෙ මුහුණින් පෙනුණි.
දින අඩක පමණ ගමනකින් පසුව ඔවුන් කඳුකර පෙදෙසකට ළඟා වී තිබුණි. මීදුම මැදින් ඔවුන් ඉදිරියට ඇදුනෙ වනයක් දෙසටයි. වනයේ මැද කුඩා නිවසක් ඉදිරිපිට රථය නතර විය.
"මේ කොහෙද"
"මේ හපුතලේ පැත්තේ"
ඩෙවිල් පුදුම කරවන දෙයක් ඔහු ඉදිරිපිට විය"අනුත්" ඔහු පුදුම විය. ඔහු දෑස පිස දා බැලුවේ මෙය සැබෑවක්ද යන්න ස්ථිර කර ගැනීමට මෙනි.
"අයියේ , ඔයා කලින්"
"කලින් නෙමේ , තමුසෙ පුදුම හිතුවක්කාරයි"
නිතිල් දිව ගොස් අනුත්ව වැළද ගත්තේය.
ඩෙවිල් අනෙක් පස බලා ගත්තේ ඔහු පුදුමයෙන් මොහොතට බාධා කරනවා යන හැගීමකිනි.
ඔවුන් දෙදෙනා සිප වැළඳ අවසානයේ ඩෙවිල් වෙත අවධානය යොමු කලේය. ඔහු කරන්නේ කුමක්දැයි නොදැන ඔවුන් දෙදෙනාම අදෘශ්‍යමාන ලෙස සිතමින් සිටියේය."පොඩි යක් පැටියා , ගොඩක් තුවාල වුණාද"
අනුත් ඔහු දෙසට මදහසක් පාමින් ඇසුවේය.
"මට මෙතැන වෙන්නේ මොන රෙද්දක්ද කියනවාද ?" ඩෙවිල් කේන්තියෙන් පුපුරන ගමන් ඇසුවේය.අනුත් සමාව ඉල්ලන සුළු බැල්මක් හෙළා නිතිල් දෙස බැලුවේ පැහැදිලි කරන්න වැනි මුහුණකිනි.
"අපි ඇතුලට ගිහින් වාඩි වෙලා කතා කරමු "
අනුත් පැවැසුවේය."අපි මුල ඉඳන් පටන් ගමු , මාව උන් kidnap කලේ ඇයි කියලා දන්නවාද පොඩි එකා"
ඔහු නැතැයි අඟවමින් හිස සෙළවිය.
"වික්‍රමාරච්චිගෙ වැඩ වලට මන් ඇඟිලි ගැහුවා ඒකයි" නිතිල් පැවැසුවේය.
YOU ARE READING
Soft Zone
Actionඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය. දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය. "මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය ...